2022 අගෝස්තු 11

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහිමිවන බව නීතිපතිවරයා පාර්ලිමේන්තුවට නිලවශයෙන් දැනුම් දෙයි

අධිකරණයට අපහස කිරීමේ චෝදනාවට වරදකරුව වසර හතරක කාලයක් සඳහා බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියමවී සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය අහිමි වන බව නීතිපති දප්පුලද ලිවේරා මහතා පාර්ලිමේන්තුවට නිලවශයෙන් දැනුම් දී තිබෙනවා.

නීතිපතිවරයා විසින් මේ පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත දැනුම් දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි නීතිඥ නිශාරා ජයරත්න මහත්මිය ද නිල වශයෙන් තහවුරු කළා.