Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රතන හිමි වෙනුවෙන් දියත් වූ ආණ්ඩු මෙහෙයුම

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අරභයා භික්ෂූන් තිදෙනකු අතර අරගලය උත්සන්න වී අවසානයේ අතුරලියේ රතන හිමියන් විසින් අපේ ජන බල පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් සඟවාගෙන සිට මේ වනවිට නිදහස් කර තිබේ. මෙම සිද්ධියේදී බස්නාහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ භූමිකාව පිළිබඳව තොරතුරු බිඳක් පසුගිය රාවය පුවත්පතින් ප්‍රසිද්ධ කළෙමු.


මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහසුද්දෙන්ම මේ පැහැර ගැනීම ගැන තොරතුරු දන්නවාට අමතරව අතුරලියේ රතන හිමියන් ආරක්ෂා කිරීමටද සැදී පැහැදී සිටින බවද ඇත්තකි. ආණ්ඩුවේ අතගැසීමක් නැත්නම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම සිද්ධියට අත නොදමන බවද පැහැදිලි වන්නේ එසේ නොවීමක් තුළ මේ මෙහෙයුමට අත තැබුවහොත් තමන්ගේ බෙල්ල ගසා යන බව ඔහු හොඳින් දන්නා බැවිනි.


මිරිහාන එච්.කිව්.අයිගේ සෙල්ලම


විමලතිස්ස හිමියන් පැහැර ගැනීම පිළිබඳව තොරතුරු දන්නා පිරිස් විසින් පවසන ලද තොරතුරු අනුව එකී සිද්ධිය මෙසේ පෙළ ගැසිය හැකිය. සිද්ධිය වූ අගෝස්තු 16 දින වේදිනිගම හිමියන් කොළඹ පැමිණෙනුයේ අපේ ජන බල පක්ෂයේ සාමාජිකයකු වන චමින්ද මාරසිංහ සමගය. ඒ ඔහුට අයත් උඡණඹ 5232 දරන ණෂ් වර්ගයේ ජීප් රථයෙනි. වාහනය පදවාගෙන යන්නේද ඔහුමය. විමලතිස්ස හිමියන් සහ තවත් දෙදෙනෙකු ඔහුගේ රථයට ගොඩ වන්නේ වරකාපොළින් බව චමින්ද මාරසිංහ කියයි. ඔවුන් එසේ පැමිණෙන්නේ රතන හිමියන් විසින් කරන ලද ඉල්ලීමක් අනුව මිරිහානේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිවෙසට යෑම සඳහාය. එසේ ජනාධිපතිවරයාගේ නිවෙස අසලට ගොස් විනාඩි දහයක් පමණ ගෙවී ගියද රතන හිමියන් නොපැමිණි නිසා විමලතිස්ස හිමියන් රතන හිමියන්ට දුරකතන ඇමතුමක් ලබා දුන්නේය. පස්වරු තුනත්, හතරත් අතර කාලයේදී රතන හිමියන් රැගත් ණධ 5600 දරන රථය ඔවුන් සිටි වාහනය අසලට පැමිණියේය. ඉදිරිපස දොර ඇරගෙන ඇමති ආරක්ෂක ඩිවිෂනයේ නිලධාරියෙක් වාහනයෙන් බිමට බැස විමලතිස්ස හිමියන්ට එම වාහනයට නගින ලෙස ඇරයුම් කර ඇත. චමින්ද මාරසිංහ මෙම පුද්ගලයා ඇමති ආරක්ෂක ඩිවිෂනයේ නිලධාරියකු බව හඳුනා ගන්නේ ඔහු හැඳ සිටින නිල ඇඳුමෙනි. එසේම රතන හිමියන්ගේ වාහනයේ ඇමති ආරක්ෂක ඩිවිෂනයේ තවත් නිලධාරීන් සිටි බවටද හඳුනාගෙන ඇත.


“විමලතිස්ස හාමුදුරුවෝ රතන හාමුදුරුවන්ගෙ වාහනයට ගොඩවූ පසු ඒ වාහනය ජනාධිපති මැදුරේ ගේට්ටුවෙන් ඇතුළට ගියා. අපි වාහනේ ඇතුළෙම හිටියා. එහෙම ඉන්න කොට පොලිස් ජීප් එකක් ආවා. ක්‍ෂ කෙනෙක් ඒකෙන් බැහැල ඇවිත් හාමුදුරුවො සාකච්ඡාවකට මැතිවරණ කොමිසමට යනවා කීවා. ඔයගොල්ලන්ට පොලිසියට ගිහින් ඉන්න කිව්ව කියලා ඔහු කීවා. පස්සෙ අපි දැනගත්තෙ මේ ක්‍ෂ මහත්තය මිරිහාන පොලිසියේ ්‍යගූගෂග බව. එතකොටම වගේ රතන හාමුදුරුවන්ගේ වාහනය ජනාධිපති මැදුරෙන් එළියට ආව. ්‍යගූගෂග මහත්තයත් අපේ වාහනයට ගොඩවෙලා අපිව පොලිසියට එක්කන් ගියා.


විමලතිස්ස හිමියන් පැහැර ගැනීමේ සිද්ධියේ ආරම්භය චමින්ද මාරසිංහ පැවසුවේ එලෙසය.


කුරුඳුවත්ත පොලිසියට


පොලිසියට ගිය චමින්ද ඇතුළු තිදෙනාට පොලිසියේ රැඳී සිටින්න ඉඩදී තිබේ. මෙසේ පොලිසිය තුළ කාලය ගෙවෙද්දී මාරසිංහ ඇතුළු පිරිස මේ සිද්ධිය ගැන මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් දැමීමට සූදානම් වුවත් මිරිහාන මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ඒ සඳහා ඉඩ නොදුන්නේය. මෙසේ පොලිසිය තුළ කාලය ගෙවමින් සිටියදී මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා චමින්ද ඇතුළු පිරිසට දැනුම් දෙන්නේ කුරුඳුවත්ත පොලිසියට යන ලෙසටය. ඒ සමගම රථවාහන අංශයේ පොලිස් නිලධාරියකු චමින්දගේ වාහනයට නංවන ඔහුද සිය නිල රථයෙන් කුරුඳුවත්ත පොලිසිය කරා ගමන් කරයි. මේ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා රැගත් නිල රථය ඉදිරියෙනුත් චමින්දගේ ජීප් රථය පිටුපසින්ද ගමන් කර කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ගොස් ඇත.


චමින්ද ඇතුළු පිරිස එහි පැය භාගයක පමණ කාලයක් රැඳී සිටින අතර එහිදී ඔවුනට දැනුම් දෙන්නේ කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත යන ලෙසටය. එහිදී චමින්ද මාරසිංහගේ රථයට කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් දෙදෙනකු නංවා ගෙන ඇත. ඔවුන් අත පිස්තෝල දෙකක් සහ අත් මාංචු දෙකක්ද තිබී ඇත. එතෙක් චමින්දගේ රථයේ සිටි මිරිහාන පොලිසියේ නිලධාරියා ඉන් බැස මිරිහාන පොලිස් ස්ථානාධිපතිගේ නිල රථයට ගොඩවී තිබේ. දැන් නැවතත් මේ වාහන දෙක කොල්ලුපිටිය පොලිසිය කරා ධාවනයේ යෙදී ඇත්තේය. පෙර ලෙසට ඉදිරියෙන් ධාවනය වී ඇත්තේ මිරිහාන පොලිස් ස්ථානාධිපතිගේ නිල රථයය. මෙසේ ගංගාරාමය අසලට ගොස් නවතාගෙන සිටියදී මිරිහාන පොලිසියේ ස්ථානාධිපතිවරයා චමින්දගේ රථයේ සිටි පොලිස් නිලධාරියෙකුට දුරකතන ඇමතුමක් දී පවසා ඇත්තේ ඔවුන්ට කොළඹ කෞතුකාගාරය අසලට යන ලෙසටය. එම පණිවුඩය සමග චමින්ද සිය වාහනය එදෙසට ධාවනය කරන අතර මිරිහාන පොලිසියේ ජීප් රථය මේ ගමනට එක්වී නැත. කෞතුකාගාර භූමියේ වාහනය නතර කළ විට එහි පැමිණි කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයා ඔවුන්ගේ වාහනය වහාම එතැනින් ඉවත් කර ගන්නා ලෙස උපදෙස් දී තිබේ. එතැන් සිට කොළඹ තුරඟ තරග පිටිය අසල මැක්ඩොනල්ඞ් ආපනශාලාව අසලට චමින්දගේ රථය රැගෙන යාමට උපදෙස් දෙන්නේ කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් දෙදෙනාය. එතැනදී පොලිස් නිලධාරීන් දෙදෙනා චමින්දගේ රථයෙන් බැස ගොස් ඇති බැවින් චමින්ද ඇතුළු පිරිස ආපසු පිටත්ව ඇත.


කුරුඳුවත්ත පොලිසියේ ඇති ඍෂඊ සටහන් අනුව එම නිලධාරීන් දෙදෙනා පොලිසියෙන් බැහැරව ඇත්තේ රාත්‍රී 19.35ය. පෙරළා පැමිණීම සටහන් තබා ඇත්තේ රාත්‍රී 22.20ටය. මෙම සටහනේ ඇත්තේ ගිය විශේෂ රාජකාරිය නිමවා ආපසු පැමිණි බව පමණකි. මෙම ගමනට සහභාගි වූ කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් දෙදෙනා වන්නේ පොලිස් කොස්තාපල්වරුන් වන 33081 කුමාර සහ 91246 ඒකනායක යන දෙදෙනාය. පොලිස් තොරතුරු පොතෙහි සටහන තබනුයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ නිලධාරියා වන කුමාරය. කෙසේ වෙතත් මේ දෙදෙනා චමින්ද ඇතුළු පිරිසගෙන් ඔවුන් රැගෙන යන්නේ කුමන ගමනක් සඳහාද යන්න ගැන විමසුවත් එයට චමින්ද ඇතුළු පිරිස පිළිතුරු ලබාදී නැත. මේ ගමනේදී චමින්දගේ වාහනයේ සිටි පුද්ගලයෙකු (විමලතිස්ස හිමියන්ගේ රියදුරු) දිගින් දිගටම දුරකතන ඇමතුම් ලබා ගනිමින් සිට ඇත. කතාබහ අනුව ඒ භික්ෂුවක සමග බව දැනගත් නමුත් පොලිස් නිලධාරීන් දෙදෙනා ඒ කිනම් භික්ෂුවද යන්න හඳුනා ගෙන ද නැත. එකී පුද්ගලයා දුරකතන ඇමතුම් ගෙන ඇත්තේ හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් සමග බව අප තහවුරු කරගත්තේ මේ බව චන්ද්‍රසිරි හිමියන් අපට පැවසූ බැවිනි.
සීනියර් ඩී.අයි.ජී. දේශබන්දු තෙන්නකෝන්ගේ අධ්‍යක්ෂණය


හුණුපිටියේ චන්ද්‍රසිරි හිමි මේ නාටකයේ ප්‍රධාන භූමිකාවක නියැළෙති. ඒ හිමියන් මේ වන විටත් රතන හිමියන් විමලතිස්ස හිමියන්ව පැහැරගෙන යෑම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ බවට පැමිණිලි කර ඇතිවාට අමතරව ඒ බැව් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. ඒ හිමියන්ගේ ප්‍රකාශය මේ සිද්ධියේ අගමුල පාදා ගැනීමට ඉවහල් වේ.


“මම දේශබන්දු තෙන්නකෝන්ට කතා කළේ අගෝස්තු 16 සවස පහට විතර. ඒ රතන හිමියන් විසින් විමලතිස්ස හිමියන්ව පැහැර ගත්තට පස්සේ. එතකොට එයා කීවේ මම සිද්ධිය දන්නව හාමුදුරුවනේ. ලියුම් වගයක් තිබෙනව ඒව අත්සන් කරවගෙන විමලතිස්ස හාමුදුරුවන්ව එවන බවයි. ඒ අය මිරිහාන පොලිසියේ තියාගෙන ඉන්නෙ. අපි ඒගොල්ල නිදහස් කරනව කියලත් එයා මට කීව.”


මෙම ප්‍රකාශය අනුව මෙම නාටකය පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හොඳින් දැන සිටි බව පැහැදිලිය. එපමණක් නොව චන්ද්‍රසිරි හිමියන්ගේ ප්‍රකාශ අනුව මෙම නාටකයේ පිටපත රතන හිමිගේ බවත් අධ්‍යක්ෂවරයා දේශබන්දු තෙන්නකෝන් බවත් හොඳටම පැහැදිලි වේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එවැනි කතාවක් නොකළ බව පවසන්නේ නම් චන්ද්‍රසිරි හිමියන්ගේ දුරකතන දත්ත වාර්තා ලබාගැනීමෙන් මේ බැව් තහවුරු කරගත හැකිය.


අගෝස්තු 16 දින පැහැරගෙන ගිය විමලතිස්ස හිමියන් පිළිබඳව චන්ද්‍රසිරි හිමියන් අගෝස්තු 19 දින පොලිස් මූලස්ථානයේ පැමිණිල්ලක් කරන්නේය. ඉන්පසුව චන්ද්‍රසිරි හිමියන්ව අමතා ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන්ය. ඔහු පවසා ඇත්තේ රතන හිමියන්ව අත්අඩංගුවට ගන්නා බවය. එහෙත් ඒ හිමියන් මුණගැසීත් අත්අඩංගුවට නොගත් බව චන්ද්‍රසිරි හිමි චෝදනා කරති. එලෙසින්ම චන්ද්‍රසිරි හිමියන් රතන හිමියන්ව මුණගැසී කතා කළත් ඒ කිසිම අවස්ථාවක විමලතිස්ස හිමියන් මුණ ගැසීමට අවස්ථාවක් ලබාදී නැත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් මේ ගැන විමසූ විට රතන හිමියන්ගේ වාහනයේ ඇමති ආරක්ෂක ඩිවිෂනයේ නිලධාරීන් සිටීම ප්‍රශ්නයක් නොවන බව කීවේය. විමලතිස්ස හාමුදුරුවන් සමග ආ පිරිස මිරිහාන පොලිසියේ තබාගෙන සිටියේ ඒ අයගේ ආරක්ෂාවට බවත්, ඒ විමලතිස්ස හිමියන්ගේ ඉල්ලීම අනුව බවත් ඔහු කියයි. එසේම කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් ලබා දුන්නේද ආරක්ෂාව සඳහා බව ඔහු පවසන අතර එසේ කළේ වැඩ බලන පොලිස්පතිවරයා දැනුවත් කර ඔහුගේ උපදෙස් මත බවද ඔහු කියයි.


මේ කතාවෙන්ම දේශබන්දු තෙන්නකෝන් මේ සිදුවීම පිළිබඳ හොඳින්ම දැන සිටිනවා සේ ම රතන හිමියන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක සිටින බවද පෙනී යයි. මේ නාටකයේ ප්‍රධාන භූමිකාවක් සිදුකර ඇති මිරිහාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක සුමින්ද සරණගුප්ත රාවය කළ විමසීමේදී පැවසුවේ චමින්දගේ වාහනයට ඔහු ගොඩවූයේ ඔවුන් මිරිහාන පොලිසියට එන මග නොදන්නා බව පැවසූ හෙයින් මාර්ගය පෙන්නීමට බවයි. එලෙසින්ම කුරුඳුවත්ත පොලිසියට ගියේත් ඉන් අනතුරුව ගංගාරාමය අසලට ගියේත් පාර පෙන්වීමට බවය. තමන් අයත් පොලිස් අධිකාරි කොට්ඨාසයෙන් බැහැරව යනවිට ඒ සඳහා අවසර ගත්තේ දැයි ඔහුගෙන් විමසූ විට ඔහු පැවසුවේ ඒ සඳහා ඉහළ නිලධාරීන්ගෙන් අවසර ලබා ගත් බවය. ඒ කුමන නිලධාරීන්ගෙන්ද යන්න විමසූ විට ඒ කවුරුන්ද යන්න ප්‍රකාශ නොකළේය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විමසූ විට පිළිතුරු ලබා දුන් හුරතල් ආකාරයෙන්ම පෙනෙනුයේ ඔවුන්ගේ වගකිවයුතු නිලධාරීන් ලෙස කටයුතු නොකරන බව නොවේද?
අනෙක් අතින් මේ සිද්ධි දාමය පුරාම පොලිසිය කටයුතු කර ඇත්තේ රතන හිමියන්ට වාසිදායක අයුරිනි. එසේ වීම පිළිබඳ ගැටලුවක් පවතින අතර ඒ පිටුපස රහසක්ද තිබෙන බව පෙනෙයි. අඹ ගෙඩියක්, පොල් ගෙඩියක් සොරකම් කළ අයකු ඇල්ලීමට පොලිසියේ නඩයක්ම යවන මොවුන් මෙකී සිද්ධියේදී ක්‍රියා කර ඇත්තේ මාන්දම් ස්වභාවයකිනි. අඩුම තරමින් කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් දෙදෙනා පිටත් කරන්නේ කුමන රාජකාරියකටද යන්න ගැන දැනුවත් කිරීමක්වත් නොකිරීම තුළින්මත් පෙනෙනුයේද එකී මාන්දම් ස්වභාවයට අමතර මෙම නාටකය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අධ්‍යක්ෂණය කළ බවය. මුව වැසුම් සීයක් බෙදන්නටත් මාධ්‍ය සංදර්ශන පවත්වන ඔහු මෙම සිද්ධියේදී කටුව තුළට වී නිසොල්මන්ව සිටියේය.


දේශබන්දු තෙන්නකෝන් වැනි නිලධාරීන් ආණ්ඩුවට ඕනෑ ලෙස හැසිරෙමින් නටන මේ නාඩගම් නිසා මහජනතාව තුළ පොලිසිය කෙරෙහි පවත්නා අප්‍රසාදය තව තවත් වර්ධනය වීම වැළැක්විය නොහැකිය. එයටත් වඩා බරපතළ වන්නේ මේ නරක පූර්වාදර්ශ පොලිසියේ අනෙක් නිලධාරීන්ද අනුගමනය කිරීමට පෙළඹීමය. එය නීතිගරුක, විනයගරුක රටක් හැදීමට ජනාධිපති කාර්ය සාධක බලකා තනන රටක නොවිය යුත්තකි. එහෙත් සිදුවෙමින් තියෙන්නේ කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරීමකි. 

නිමල් අබේසිංහ – රාවය පුවත්පතට ලියන ලද ලිපියක උපුටනයකි