Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

”අගමැති හීනයෙන් පෙලෙන විමල් ඉහද පණුවෙක් – පොල් කුරුමිනියෙක්” බැසිල්ගේ හිතවතෙකු රටට හෙළි කරයි.

”විමල් රටට එරෙහිව වෙනත් රටවල කුලී ඔත්තුකරුවන් නඩත්තු කරනවා”

“විමල් ගේ දේශප්‍රේමය බැසිල්ගේ මුදලට යටවුණා. ගාන අහන්න එපා දේශප්‍රේමය ටිකක් මිල වැඩී”

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග දේශපාලන කරලිය දැඩිව උණුසුම් වී තිබෙනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට හිත කර බවට ආණ්ඩුවේ පිරිස් පවසද්දී විපක්ෂය සහ බහුතර සිවිල් සමාජය  ඊට එල්ල කරන්නේ දැඩි විරෝධයක්.  එවන් වටපිටාවක ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරුන් පවා  ඊට එරෙහිව  හඬ නගන්නට පටන්  ගැනීමත් සමග ආණ්ඩුව තුළ  බරපතළ  දෙදරීමක් නිර්මාණය වී  තිබෙනවා.

මෙම අභ්‍යන්තරට  ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ විමල් වීරවංශ මහතාගේ ක්‍රියාකලාපයයි.

ඔහු  ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදන හරහා ද  විසිවන සංශෝධනය සම්බන්ධයෙන්  විරෝධය පළ කළා.

 ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින්  අදහස් ඉදිරිපත් කළ ඔහු ඇතුළු කණ්ඩායම  සඳහන් කළේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීම සඳහා  අග්‍රාමාත්‍යවරයා විසින් පත්කරන ලද කමිටුවට  තමා ඉදිරිපත් කළ යෝජනා කිසිවක්  විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඇතුළත් වී නොමැති බවයි.

කෙසේ වෙතත්  ආණ්ඩු විසින් ඉදිරිපත් කරන ලද විසිවන   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන  කෙටුම්පත් කළ පුද්ගලයකු පවා සොයා ගැනීමට නොහැකි තත්වයක්  පසුගිය දිනවල නිර්මාණය වී  තිබුණා.

මේ අතරතුරයි  විමල්ගේ අත බැසිල් රාජපක්ෂගේ දෙසට දිගු වන්නේ.

නමුත්    බැසිල්ට ඇඟිල්ල දිගු වන විටම  බැසිල්ගේ හිතවතෙකු වූ   සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය  මහින්ද පතිරණ විසින් විමල්ට  ප්‍රතිචාර දක්වා  තිබෙනවා.

ඔහුගේ ෆේස්බුක්  ගිණුමෙහි   දිගට හරහට සටහන් තබමින්  ඔහු විමල් ඇතුළු කණ්ඩායමේ  රෙදිපිළි එකින් එක උනා දමා ඇත්තේ විසිවන සංශෝධනය,  රාජපක්ෂ පවුලේ දේශපාලනය  සහ රටේ අනාගත ඉරණම පිළිබඳ   ජනතාවට සිතන්නට බරපතල කරුණු රැසක් ඉතිරි කරමින්.

මහින්ද පතිරණ ගේ අදහස් කිසිවක් ලෙහෙසියෙන් බැහැර කල හැකි අදහස් ලෙස ගත නොහැකි වන්නේ ඔහුගේ සමාජ මට්ටම සැලකිල්ලට ගත් විටයි.ඔහු දැනට විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධුරයට අමතරව පුවත් පත් මණ්ඩලයේ සභාපති ධුරයද හොබවන බැවින් ඔහුගේ අදහස් රජයේ ඔහු නියෝජනය කරන කදවුරේ නිල අදහස් ලෙස පිළිගැනීමට අකමැත්තෙන් හෝ කැමැත්තෙන් හෝ අපට  සිදුවනවා. 

 එමෙන්ම ඔහු බැසිල් රාජපක්ෂට  අතිශයින්ම හිතෛෂී පුද්ගලයෙක්.  බැසිල් රාජපක්ෂගේ නොනිල මාධ්‍ය ප්‍රකාශකවරයා මහින්ද පතිරන ලෙස හැදින්වුවද එහි අසාධාරණයක් නොමැති වන තරමටම ඔහු බැසිල් වෙනුවෙන් සටහන් තබන්නෙක්.

මේ ඊට එක නිදසුනක් 

“20 වැනි සං⁣ශෝධනය අනුමත කර ගැනීම සඳහා විපක්ෂයෙන් මන්ත්‍රීවරු ගැනීම සඳහා වන මෙහෙයුමක් බැසිල් රාජපක්ෂ මහතා විසින් දියත් කර ඇතැයි යන ඉරිදා ලංකාදීප පුවත සම්පූර්ණ අසත්‍ය එකක් බව අවධාරණය කරමි. එවැනි අවශ්‍යතාවක් හෝ අනිවාර්යක් බැසිල් රාජපක්ෂ මහතාට නැති බව ඉතා පැහැදිලි අකුරින් කිව යුතු වේ. ජනාධිපතිවරයා විසින් මේ අවස්ථාවේ ඒ මහතාට ලබා දී ඇති වගකීම වන්නේ ආර්ථික පුනර්ජීවනය හා දිළිඳුකම පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායයි. එහි වගකීම නොපිරිහෙලා ඉටු කරමින් අසීරු අවස්ථාවේ රට ආර්ථිකමය වශයෙන් පදවා යමින් ඇති අවස්ථාවක ඔහු සම්බන්ධ කරගනිමින් මන්ත්‍රීවරුන් බිලිබෑම පිළිබඳ ප්‍රවෘත්ති පළවීම කණගාටුදායක තත්වයකි. සියළු දෙනා පලා යද්දී, 2015 මහින්ද පරාජයේ වගකීම ගත් බැසිල් රාජපක්ෂ මහතාට, තමන් කරන නොකරන දෙයෙහි වගකීම ගැනීම ගැන කිසිම ගැටලුවක් නැත”

උපුටා ගැනීම – මහින්ද පතිරණ ගේ ෆේස්බුක් ගිණුම

මහින්ද පතිරණ පැහැදිලි අකුරින් සටහන් තබන්නෙ බැසිල් රාජපක්ෂ වෙනුවෙනි. බැසිල් නිහඩව සිටියද පතිරණ  බැසිල් වෙනුවෙන් කට අරී.

දැන් කරලියට එන්නේ විමල් – බැසිල්ට දමා ගැසූ බෝම්බය  නිෂ්ක්‍රීය කිරීමට සිතා පතිරණ කළ බෝම්බ සෙල්ලමේ කතාවයි. 

20 කරලියට ආවේ කොහොමද ? පිටුපස සිටියේ කවුද කියා විපක්ෂය නොදැන සිටියාට , ආ ගැන විමල් දන සිටි බව මේ වන විට හෙළි වී ඇත්තේ විමල් බැසිල් ඉල්ලක්ක කර ගනිමින් ප්‍රහාරයක් දියත් කරන්නට යාම හේතුවෙනි. 

නමුත් පෙර පරිදිම බැසිල්ට පහර වදින විට බැසිල් මීක් කියන්නටත් පෙර මහින්ද පතිරණ විමල්ට දඩ බඩොරියන් කියා පොකුරු බෝම්බ මාලාවක්ම පත්තු කළේය.

බෝම්බ වල එලිය විහිදෙන විට පතිරණලාගේත් ,රාජපක්ෂලගේත් කෙලි කවට කම් දර්ශනය වීමද සිදුව ඇති බව දුර සිට බල හිදින ඔලුවක් ඇති මිනිසුන්ට පෙනේ.

බැසිල් ළඟ මුදලට විකිණුන  විමල් 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රමුඛ කථිකයකු වූ විමල් වීරවංශ එම පක්ෂය අතහැර  රාජපක්ෂ දෑත් ශක්තිමත් කිරීමට  එක්වීම  මෙරට දේශපාලනයෙහි  සුවිශේෂී සිදුවීමක් විය.  විවිධ  කට කතා ද ඒ පිළිබඳව  පැතිර ගිය අතර  පිළිගත හැකි  සාක්ෂි සහිත කතාවක්  මහින්ද පතිරණ විසින් හෙළිකර තිබේ.

ඒ බැසිල්ගේ මුදලට  විමල් විකිනුණ බවයි. ඔහුට  ඒ සඳහා විශාල මුදලක් හිමිවූ බවද  මහින්ද පතිරණ නොකියා කියයි.  එමෙන් ම ඒ පිළිබඳ සාක්ෂි ඔහු සතු බව ද ඔහු අනාවරණය කරයි. 

“විමල් නොහිටිය නම් කියල පෝස්ට් එකක් ශෙයාර් වෙනව දැක්ක. ඒකෙ තියෙනව ජවිපෙ ඉඳල විමල් ඇවිත් එවක මහින්ද ආණ්ඩුවට සහාය දෙනව. ඇත්තටම ඒ පෝස්ට් එක හදපු අයට ඒක හදන්න තිබුනෙ බැසිල් නොහිටිය නම් කියල. එහෙම වුනානම් ඩීල් කාරය කියන බැසිල් ඩීල් එකක් දාලා විමල් ව මෙහාට ගන්නෙ නැහැ. ඒ වෙනුවෙන් ගෙවන්න සිදුවුන මිළ අහන්න එපා. “ජාතිකවාදය” ටිකක් ගනං.”

උපුටා ගැනීම – මහින්ද පතිරණ ගේ ෆේස්බුක් ගිණුම

මහින්ද පතිරණ මේ හෙළි කරන්නේ අපේ රටේ දේශපාලනය වැටී ඇති කණගාටුදායක තත්වය නොවේද?

රටට සතුරු විජාතික ඔත්තු කරුවන් නඩත්තු කරන විමල් 

මහින්ද පතිරණ විමල්ට එල්ල කරන බරපතලම චෝදනා අතරින් එකක් වන්නේ මෙයයි.විමල් රටට තුරු විජාතික ඔත්තු කරුවෙකුගේ භූමිකාවට පෙවූ බවත් ඔහුගේ පක්ෂයේ වසන්ත බණ්ඩාර වන්නුන් සෘජුවම එම කාර්යයේ නිරතවන බවත් මහින්ද පතිරණ ඔහුට අනුව පැහැදිලි අකුරින් සටහන් තබන්නේ මෙලෙසිනි.

“විදෙස් බුද්ධි අංශ විසින් තම ඔත්තුකරුවන් ලෙස තෝරා ගන්නේ දැඩි දේශීය හෝ ජාතික නැඔුරුවක් ඇති පුද්ගලයින්ය. මන්ද කිසිවෙකු ඒ ගැන සැක සිතන්නේ නැත. ඔවුන්ගේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ පාලන තන්ත්‍රවල ස්ථාවරත්වය බිඳ දැමීමයි. 2015ට පෙර විමල් වීරවංශ මහතා විසින් එවක මහින්ද පාලනයේ ප්‍රමුඛතම කාර්යභාරයක් කළ ආචාර්ය පීබී ජයසුන්දර මහතාට ආර්ථික ඝාතක චෝදනා එල්ල කරන්නේ එවන් පසුබිමකයි”

“විමල් තම දේශපාලනය විනාශ කර ගන්නේ විදෙස් ඔත්තු සේවයක කුලී කරුවෙකු වන වසන්ත බණ්ඩාර නිසාය .ඒ වගත් ලියා තබමි. තීරණය ඔහු සතුය”

උපුටා ගැනීම – මහින්ද පතිරණ ගේ ෆේස්බුක් ගිණුම

මහින්ද පතිරණ පවසන මෙම කරුණු සත්‍ය නම් රට තිබෙන්නේ බරපතල අනතුරකය. ආණ්ඩුව නැතත් විපක්ෂය හෝ මේ පිළිබද උනන්දු විය යුතුය.

යහ පාලන ආණ්ඩුව පෙරලා නැවත රාජපක්ෂ ආණ්ඩුව බලයට ගෙන ඒම වෙනුවෙන් උගුරැ පතුරු යනතුරු කෑ ගැසූ විමල්ලා ගැන අද අනාවරණය වන කරුණු පුදුම සහගතය.

මහින්ද පතිරණ අනාවරණය කරන ආකාරයට විමල් යනු කටුස්සෙකි, ඉහද පනුවෙකි, පොල් කුරුමිනියෙකි. 

 රාජපක්ෂලා සමග ගැටෙන්නට හදන විමල් නිකම්ම නිකන් හාල් කෑල්ලකි.

මහින්ද පතිරණ ඔහුගේ ම පැහැදිලි අකුරින් ඒ  කතාව කියන්නේ මෙලෙසිනි.

“බැසිල්-විමල් ගැටුමක් තිබේය යන්න නිර්මාණය කළ තවත් සුප්‍රසිද්ධ මිත්‍යාවක්. ඒක හරියට “මේව අලින්ගෙයි අපෙයි වැඩ” කියල කටුස්ස කියපු කතාව වගේ. අලිය තමන්ගේ ශක්තිය යොදාගෙන මහ ගස් ගල් පෙරලනකොට කටුස්ස අලියගේ කරේ නැගල හිටිය එකට තමා කටුස්ස එහෙම කීවේ. ගැටුමක් තිබේ නම් එම ගැටුම තිබේන්නේ විමල් නම් වූ පොදුජන පෙරමුණ නම් මහාපක්ෂයට අනුබද්ධ සුළු පක්ෂයක නායකයා වූ විමල්ට පමණයි. විමල්ට බැසිල් එක්ක ගැටුමක් තිබුණට බැසිල්ට විමල් එක්ක නම් ගැටුමක් නැහැ. තිබිලත් නැහැ. විමල් එක්ක ගැටුමක් ඇති කරගෙන බැසිල්ට විමල්ගෙන් දිනා ගන්න මොනවද තියෙන්නෙ? බැසිල් ඉන්නෙ මේ ආණ්ඩුවේ තීරණ ගන්න පුළුවන් ඉහළම තැනක. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුට ජනාධිපති කාර්ය සාධක බලකායක් හරහා රටේ වැදගත්ම කාර්යක් බාරයක් දීල තියෙන්නෙ. ඒකට මොනවද කරන්න බැරි. දේශපාලනය පැත්තෙන් ගත්තොත් බැසිල් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක. ඔහුගේ භුමිකාව එම පක්ෂයත් එක්ක වැඩ කරන, කරපු හැමෝම දන්නව. විමලුත් දන්නව. මුළු පක්ෂ යාන්ත්‍රණය ම තියෙන්නෙ බැසිල්ගෙ අතේ. අද මේ දැන් කෙටි පණිවුඩයක් යැව්වත් ලංකාවේ ඇත්ත දේශපාලන බලය දරාගෙන ඉන්න ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන් ඕනෑම කාර්යකට එළියට ගේන්න බැසිල්ට පුළුවන්. ඒ අයගේ යතුර තියෙන්නෙ බැසිල් ගාව. එහෙව් බැසිල්ට විමල් එක්ක මොන ගැටුමක්ද? අනික ගෝඨාභය කියන්නෙ බැසිල්ගෙ අයියා. මහින්ද කියන්නෙ බැසිල්ගෙ අයිය. ඒ අය ලවා බැසිල්ට අවශ්‍ය දෙයක් කරගන්න වෙන කාගෙවත් උදව් අවශ්‍ය ද? වෙන කවුරුහරි එක්ක බැසිල් තරඟ කරන්න ඕනද?

බැසිල් තමන් සතු බලය තිබෙනවාට වඩා අවමයෙන් භාවිත කරන කෙනෙක්. ඊට හේතුව මොකක්ද ? බලය තිබීමමයි හේතුව. බලය තිබුණාම තමා බලය අඩුවෙමින් ම භාවිත කරන්නෙ. බලය නැති කෙනා තමයි බලය ලබාගන්න නිරන්තර ගැටුම් ඇතිකර ගන්නෙ. බැසිල්ට අවශ්‍ය නම්, අද වුනත් ඔය කැබිනට් එකෙන් ඕනෑම කෙනෙකු ඉවත් කරන්න පුළුවන්. ඡන්දය කාලෙට නාමයෝජනා නොදී ඉන්න පුළුවන්. මං කියන්නෙ කරනවට නෙමෙයි. අවශ්‍ය නම් කරන්න පුළුවන්. ඒත් බැසිල්ට ඒ සඳහා බලය හා හැකියාව තිබෙන හින්දම ඔහු එහෙම කරන්නෙ නැහැ. නියම බලදරන්නාගේ ස්වභාවය ඒක. ලබාගන්න පුළුවන් දෙයක උපරිමය⁣ට ආවහම ඕනෑම දෙයක් එහෙමයි.

ඒ කියන්නෙ බැසිල්- විමල් ගැටුම කියල නිර්මාණය කරල තියෙන මිත්‍යාව අපට වැදගත්ම නැද්ද? වැදගත්. ඇයි එහෙම කියන්නෙ? විමල් තමන්ට බලය වැඩි කර ගැනීම සඳහා තමන් ඉන්න ආණ්ඩුවේ ම කාර්යභාරය අඩපණ කරනව. ඒක ඔහු කරන්නෙ දුර්වල මනස් සහිත ජනතාව රවටල. අන්න එතන අපට වැදගත්.කාගෙවත් පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරන ආණ්ඩුවක් පලි නැහැ. විමල් මේ වැඩේම එදත් කළා. එදා කෙලින්ම මහින්දට ගහන්න බැරි හින්ද පීබී ජයසුන්දරට ගැහුව. ආණ්ඩුව ඇතුලෙ ඉඳල කරන විවේචන විපක්ෂයේ ඒවා වගෙ නෙමෙයි. ඒවා වැඩිපුර සමාජගත වෙනව. බලපෑම වැඩියි. විමල් කරන්නෙ මේක. විමල්ට ඕන රාජපක්ෂ ආණ්ඩුවලින්ම බලයට ඇවිත් ඒ ආණ්ඩුව තුළ ඉහඳ පණුවෙක් වෙමින් ඒකෙන් පෝෂණය වෙමින් ඒ ආණ්ඩුව ම කා දැමීම. කුණු කිරීම. මේ රටට සැබෑවටම අදරේ අය මේක තේරුම් ගන්න ඕන. ආණ්ඩු පිහිටුවල ඒක වැඩක් කරගෙන යන කොට ඒකට බාල්දි අදින්නෙ ඇයි කියල තේරුම් ගන්න ඕන. මං හිතන්නෙ ජාතිකවාදීන් බොහොමයකට මේ යතාර්තය තේරුම් ගන්න පුළුවන් තැනක නෙමෙයි ඉන්නෙ. ඊට හේතුව ඔවුන් දේශපාලනයට වඩා රොමැන්තික සිහිනයක සිටීම. ඒක භයානක හීනයක්.”

“20 ගැන විමල් වීරවංශ ගෙන එන විරෝධය හුදු බැසිල් විරෝධයක් විතරක් නෙමෙයි. ඒක ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ඔහුගේ ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධයක් එල්ල කරවීම සඳහා කරන පළමු උත්සාහය කියන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් විමල් වීරවංශට අවශ්‍ය වෙන්නෙ එදා මහින්දල එලවන්න චම්පිකල එළියට ගිහිං කරපු දේ අද ඔහුට ඇතුලෙ ඉඳල කරන්න. මේක තමා විමල් එදා මහින්ද ආණ්ඩුවටත් කළේ. දැන් මේකට ඇතැම් “ජාතිකවාදීන්” කියන්නෙ “රට වෙනුවෙන් පෙනී ඉන්නව”. එහෙම නැත්නම් “වැරැද්ද වැරැද්ද විදියට බලනව” කියල. නිශ්චිත අර්ථකතන නැති, ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් මේවගේ ප්‍රකාශවලින් තමා විමල් වැනි විෂ බීජ ආණ්ඩු තුළ රෝග බෝ කරන්න පදිංචි වෙලාම ඉන්නෙ. ඒත් ඇත්තටම කරන්නෙ තමන්ගේ දේශපාලනය අරමුණ වෙත යන්න ඇත්තටම ජාතිකවාදි ආණ්ඩුව ගැන බොරු පතුරුවන එක.

මේ අය ඇතුලෙ ඉඳල ඇතුළෙ සංවේදි සියුම් සීරීම් කැපුම්වලට හෙමින් හෙමින් පැසවන්න ලුණු කුඩු දානව. ඔය ජවිපෙ කරන්නෙ. ඒකෙම අනිත් පැත්ත. එතකොට ඒ තැන් දැවිල්ල දාන්න ගන්නව. දැවිල්ල නොදාන 95%ක් දේවල් ගැන අර පුංචි සංවේදි තැන්වල දැවිල්ල නිසා අමතක වෙලා යනවා. එදා මහින්ද ආණ්ඩුව මේ රටේ ත්‍රස්තවාදය නැති කරල, ආර්ථිකය හතර ගුණයකින් ඉහළ දාල රට සාර්ව ස්ථාවරත්යක් ගොඩ නැගෙන කොටම විමල්ල කළේ අර පුංචි තැන්වලට ලුණු කුඩු දාන එක. රටේ ආර්ථිකය හසුරුවන ප්‍රධානතම නිලධාරියා ආර්ථික ඝාතකය කිව්වා. සමහරු මේක පිළිගත්තා. විපක්ෂයට පුළුවන් වුනා විමල් ඇහිඳල දුන්න මේ ගල් අරගෙන ආණ්ඩුවට පෙරළා ගහන්න. ගොඩ නැගෙන රට වට්ටන්න අවශ්‍ය මුල්ම තල්ලුව දුන්නා. හැබැයි ඒ ආණ්ඩුවෙන් ගන්න පුළුවන් හැම දේම ගත්තා. ඊට පස්සේ ගූගල් වගේ සමාගම්වලට එරෙහිව වෛරි කැම්පේන් පටන් ගත්ත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉස්සරහ ගිහිං උපවාස කළා. රට මොනකරම් අපහසුතාවට පත් වුනාද මේ ක්‍රියා හරහා. මේව සේරම කළේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් විදියට. එතකොට ජාත්‍යන්තය මේව ගත්තෙ ආණ්ඩුව කරන දේවල් විදියට. එහෙම කරල මෙහෙ දේශීය ජනතාව තුළ ආණ්ඩුව ගැන සැක උපද්දවන අතර ජාත්‍යන්තය තුළත් විරෝධයක් හදනව. ඒක තමා ක්‍රමය.

දැනුත් පටන් අරගෙන තියෙන්නෙ ඒක. ඒක පටන් ගන්නෙ 20ට එල්ල කරන විරෝධය එක්ක. මේ ඊයේ පෙරේදා වෙනකල් ද්විත්ව පුරවැසි බව පිළිබඳ විමල්ල කවදාවත් විරෝධය දක්වල තියෙනවද? කවදාවත් නැහැ. ඕක ව්‍යවස්ථාවේ තිබුණද නැද්ද කියලවත් දන්නෙ නැහැ. දැනුත් ඕක තිබුණත් නැතත් එකයි කියල මොවුන් නොදන්නවා නෙමෙයි. මේකට විරෝධය එන්නෙ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු එනව කියන එක නම්, ඒකත් පදනම් විරහිතයි. බැසිල් මහතා පැහැදිලි ව කියල තියෙනව ඔහු පාර්ලිමේන්තු නොඑන බව.

ජනාධිපති කාර්යාලය විගණනයෙන් ඉවත් කළාය යන්න විමල්ල ගෙන එන ඊළඟ බොරුව. අගමැති මහින්දත් මේක පැහැදිලි කරල තිබුණ. ජනාධිපති හා අගමැති කාර්යාලය හැමදාම විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා විගණනය වුණා. දැනුත් වෙනව. හෙටත් වෙනවා. සියළු රාජ්‍ය ආයතන වගේම ඒක ජනාධිපති හා අගමැති කාර්යාලයටත් අදාළයි. 20න් වෙලා තියෙන්නෙ ජනාධිපති හා අගමැති කාර්යාලය යන රාජ්‍ය ආයතන දෙක විශේෂයෙන් සඳහන් නොවීම. සියළු රාජ්‍ය ආයතන විගණනය විය යුතුයි කියල ව්‍යවස්ථාවේ තියෙනව නම් දෙකක් විතරක් නම්වලින් ම කියන්නෙ මොකටද?

විමල්ලාගේ මේ බලලෝභී දේශපාලනය තේරුම් නොගන්න තුනෙන් දෙක නෙමෙයි මොකක් තිබුණත් ආණ්ඩුවලට වැඩක් කරන්න බැහැ. විමල්ලට ඕනෙත් ඒකම තමා”

“අගමැති හීනයෙන් පෙළෙමින් තම දේශපාලන ප්‍රතිරූප බඩ වඩා ගැනීම සඳහා වියරුවෙන් කටයුතු කරන විමල් වීරවංශ වැන්නන් කුමන යටිකූට්ටු වැඩ කළද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා තම ජනවරමට අනුව රටේ කේන්ද්‍රීය ප්‍රශ්න විසඳමින් ඉදිරි ගමනේ යනු ඇත. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනවරමක් ලබා දුන්නේ ප්‍රතිරූප වඩන්නන්ගේ බඩ වඩා ගැනීම පිණිස නොව, ජනතාවට දැනෙන සේවයක් ලබා ගැනීමට බව ද මතක් කළ යුතුය.”

“2015 ජනවාරි 10 වැනි දින ලියන ලද්දකි. එහි දී මා එවක ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ භූමිකාව ද විවේචනයට භාජනය කරන්නේ එම ආණ්ඩුව විසින් කරන ලද ඇතැම් දේශපාලන තීන්දු හේතුවෙනි. අප විවේචනය අවශ්‍ය තැන විවේචනය ද අගය කිරීම අවශ්‍ය තැන අගය කිරීමද කරන්නේ ය. විමල් ගැන ද අප එසේ කර ඇතිවා සේම කරනු ද ඇත. කෙසේ වෙතත්, විමල් වීරවංශ ගැන මගේ වත්මන් මතය නම් ඔහු පොල් කුරුමිණියෙකු බවයි. මේ අතර, මාගේ මේ පැරණි ලිපිය ⁣පළ කර ඇති මේධානන්ද හිමි උග්‍ර සිරිසේනවාදියෙකු බව මට ම පුද්ගලිකව පවසා ඇත”

මහින්ද පතිරණ මේ කියන විදියට විමල් වීරවංශ පට්ට බොරු කාරයෙකි,  දේශ ද්‍රෝහියෙකි,  අවස්ථාවාදියෙකි ,  රාජපක්ෂලා බලයට ගෙන ඒමට  විමල් කළ ලබ්බක් නැත. විමල් වීරවංශ යනු දේශපාලන පිළිලයකි. ආණ්ඩුව තුළ ම හිඳිමින්  ආණ්ඩුවට  එරෙහි සංදර්ශන පාමින්  අගමැති වීමට සිහින දකින අවස්ථාවාදියෙකි. රාජපක්ෂලා බලයට ගෙන ඒමට  විමල් කළ ලබ්බක් නැත. විමල් වීරවංශ යනු දේශපාලන පිළිලයකි. ආණ්ඩුව තුළ ම හිඳිමින්  ආණ්ඩුවට  එරෙහි සංදර්ශන පාමින්  අගමැති වීමට සිහින දකින අවස්ථාවාදී  ඉහඳ පනුවෙකි.

තව දුරටත් ආණ්ඩුවේ වැඩ වලට විරුද්ධ නම් විමල් කල යුත්තේ ආ අතක් බලාගෙන පව් නොදී තොලොංචි වී යාම බව ද මහින්ද පතිරණ අපූරුවට කියා තිබේ.

“ගෝලයින් ලවා බොරු ඇද බාවන්නේ නැතුව වීරවංශට අද උනත් ආණ්ඩුව හොද නැත්නම් එලියට යන්න පුළුවන්”

මේ කතාවල ඇත්ත නැත්ත දන්නේ  මහින්දලා සහ විමල්ලා පමණි.  අපිට තිබෙන්නේ  අතහැරෙන්නේ මොනවාදැයි කියා  බුද්ධිමත්ව නිරීක්ෂණය කරමින් අවශ්‍ය තීන්දු තීරණ ගැනීම පමණි.

නමුත් මහින්ද පතිරණලා වැනි අතිශය පක්ෂග්‍රහී මිනිසුන් සභාපති කම් කරන පුවත් පත් මණ්ඩලයට සහ ලංකාවේ මාධ්‍ය ආචාරධර්ම වලට  දෙයියන්ගේම පිහිට බවද අවසන් වශයෙන් ලිය තැබිය යුතුය.