තරුණ , උගත්, හොරකම් නොකරන, දේශපාලනය බිස්නස් එකක් කර නොගත් , අවංකව තමන්ගේ වියදමින් රටට වැඩකරලා ගෙදර යන නායකයෙක් මේ රටට අවශ්‍යව ඇති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසනවා.
ඒ අද (16) පෙරවරුවේ කටුනායක සීදුව විජය කුමාරතුංග සමාධිය අසළ පවතී විජය කුමාරණතුංග මහතාගේ 33වන ගුණානුස්මරණ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කුමාරණතුංග මහථ්මිඅ සඳහන් කළේ පිරිසක් විසින් රට ක්‍රමයෙන් ගොඩ නැගු පසු තවත් පිරිසක් පැමිණ රට විනාස කර දමන බවයි.
මෙවැනි වාතාවරණයක් විජය කුමාරණතුංග මහතා දුටුවා නම් ඔහු වේදනාවට පත්ව මුහුදේ පනිනු ඇති බවද ඇය සඳහන් කළා.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි