රට පුරා ඉතා වේගයෙන් පැතිර යන නව වෛරස ප්‍රභේදයක් වූ බ්‍රිතාන්‍යයේ පවා පැතිර ගිය වෛරස් ප්‍රභේදය මේ වන විට රට පුරා පැතිර ගොස් අවසන් බව හෙළිව තිබෙනවා.
ජනවාරි මුල් සතියේ සිට පෙබරවාරි මුල් සතිය දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකය වෙත දිවයිනේ ප්‍රදේශ රැසකින් ලැබුණු රෝගීන්ගේ සාම්පල පරීක්ෂා කිරීමේදී මෙම තත්වය තහවුරු වී තිබෙනවා.
මෙම වෛරස් ප්‍රභේදය ,බ්‍රිතාන්‍යය තුළ වේගයෙන් සම්ප්‍රේෂණය වූ SARS-CoV2 ලෙස හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව විශ්ව විද්‍යාලයට ලැබුණු සාම්පල අතරින් කොළඹ , අවිස්සාවේල්ල , ඉංගිරිය, බියගම, වත්තල, මතුගම, මන්නාරම, වවුනියා සහ විදේශයන්ගෙන් ආපසු පැමිණි අය රඳවා සිටි නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක සාම්පල පරීක්ෂාවේදී මෙම කරුණු අනාවරණය වුණා.
මෙම ප්‍රභේදය මීට පෙර වාර්තා වූ ප්‍රභේදයනට වඩා 50% ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුතු බවද සිදු කරන ලද පර්යේෂණ වලදී තහවුරු වී තිබෙනවා.
මෙය එන්නත් වල කාර්යක්ෂමතාවයට බලපෑමක් ඇති නොකරන බව ට දැනට නිගමනය කර ඇති නමුත් ඒ පිළිබඳ වැඩිදුර විශ්ලේෂණයක් සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි