මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය අන්තයටම පිරිහී ගොස් ඇති බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්වා දෙනවා.
උන්වහන්සේ සදහන් කරන්නේ “මුල් ගස හොද නැති වීම” නිසා මෙම තත්වය නිර්මාණය වී ඇති බවයි.
නිසි සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු සෞඛ්‍ය අමාත්‍යංශයේ මුල් පුටුවට පත් කළ යුතු බවත් දැනට සෞඛ්‍ය අමාත්‍යංශයේ තනතුරු දරන බොහෝ දෙනෙකුට කළ පුරුද්ද හෝ පළපුරුද්ද හෝ යන දෙකෙන් එකක් වත් නොමැති අය බවත් උන්වහන්සේ චෝදනා කළේ පසුගියදා (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
කෙසේ වෙතත් අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන දෙයක් වන අතර සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලෙස හමුදා වෛද්‍යවරයෙකු වන H.S මුණසිංහ මහතා පත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල අනුවයි.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි