යුක්රේන සංචාරකයන් දිවයිනට පැමිණිමත් සමග යුක්රේන රැල්ලක් ඇති වේයැයි විපක්ෂය ජනතාව තුල බොරු බියක් ඇති කලද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් යුක්‍රේන රැල්ලක් ඇති නොවීමට රජය වග බලා ගත් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ නියමු ව්‍යාපෘතිය යටතේ මේ වන විට යුක්‍රේන සංචාරකයන් 1200ක් පමණ දිවයිනට පැමිණ ඇතත් ඔවුන්ගෙන් දෙදෙනෙකු පමණක් කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගත් බවයි.
මොණරාගල ඊයේ (13) පැවති ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේ සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියාමන ව්‍යාපෘතියේදී හදුනාගත් ගැටළු හා අඩුපාඩු නිවැරදි කර ගනිමින් ජනවාරි 21 දින සිට සංචාරකයන්ට නිල වශයෙන් රට විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් බවයි.
ලක්ෂ 30ක ජනතාව මේ වන විට සංචාරක කර්මාන්තය බිඳ වැටීම නිසා දැඩි පීඩාවට පත්ව ඇති බව පැවසූ ඇමතිවරයා අවධාරණය කළේ විපක්ෂය රට තුළ බොරු බියක් නිර්මාණය කිරීමට උත්සහ ගත්තේ සංචාරක ව්‍යාපාරය යථාතත්වයට පත් වීමෙන් මෙරට ආර්ථිකය යළි ගොඩනැංවේවියැයි ඇති වූ බිය නිසා බවද අවධාරණය කළේය.
යුක්‍රේන සංචාරකයන් මෙරටට පැමිණීම පිළිබඳ මතු කළ විරෝධය එක්කෝ දේශපාලන විරෝධයක් බවත් නැතිනම් නොදැනුවත්කම නිසා මතු කල එකක් බවත් ඇමතිවරයා කීවේය.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි