විල්පත්තු වන රක්ෂිතයේ ආශ්‍රිත ප්‍රදේශවල නැවත පදිංචි කිරීම් සදහා එළිපෙහෙළි කළ ඉඩම් වෙනුවෙන් තමාගේ වියදමින් නැවත වන වගාවක් සිදු කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය තමාට එරෙහිව ලබා දුන් නියෝගය නීතියට පටහැනි බවත්, එම නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ආබ්දීන් නීතීඥ සමාගම මගින් ගොනු රිෂාඩ් බදියුදීන් මහතා ගොනු කළ මෙම විශේෂ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාරිසරික යුක්ති කේන්ද්‍රය , මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් , වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් , පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් , පරිසර ඇමැති , මන්නාරම දිස්ත්‍රික් ලේකම් , නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
අදාළ අභියාචනාධිකරණය නඩු විභාගයේ නඩු නිමිත්තේ සදහන් කාල සීමාව තුළ තමා නිවාස ඉදිකිරීම් හෝ , වන සංරක්ෂණය බාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු නොකළ බවද පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා.
තමන් කැලෑ එළිපෙහෙළි නැවත පදිංචි කිරීම් සිදු නොකළ බවත් , එලෙස තමා විල්පත්තු රක්ෂිතයට මායිම් පෙදෙස්වල එළිපෙහෙළි කොට නැවැත පදිංචි කිරීම් කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද බදියුදීන් මහතා සිය විශේෂ අභියාචනයෙන් සදහන් කර තිබෙනවා.
එබැවින් ඉකුත් නොවැම්බර් 16 වැනිදා එකී අභියාචනාධිකරණය තීන්දුව බලරහිත කරන්නැයි ද විශේෂ අභියාචක පෙත්සම්කාර රිෂාද් බදුද්දීන් මහතා ඉල්ලා තිබෙනවා.
මෙම වන විනාශයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක විභාගය අවසන් කර එහි තීන්දුව ප්‍රකාශ කරමින් අනතුරුව අභියාචනාධිකරණය විසින් බදුයුදීන් මහතාට නියෝගය කරනු ලැබුවේ අදාල වනානතර කොටස තම වියදමින් වගා කරන ලෙසයි.
© මුලාශ්‍රය – ලංකාදීප
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක