Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යුරෝපයේ කොරෝනා තත්ත්වය කෙසේ ද?

පසුගිය දින හත ඇතුළත යුරෝපයේ කොවිඩ් 19 වසංගතය පැතිරීමේ අනුපාතය 100,000ට 20ක් බවට පත් විය. එනමුත් තවමත් ඔවුන් සිටිනුයේ දැඩි අනතුරුදායක තත්ත්වයක ය. 

මෙම භයානක අවස්ථාවෙන් යම්තාක් දුරකට හෝ මිදී ඇත්තේ යුරෝපියානු රටවල් හතරක් පමණි. එනම්, 100,000ට 18.4ක් වන ජර්මනිය, 15.5ක් වන ෆින්ලන්තය, 14.6ක් වන සයිප්‍රසය සහ 13.9ක් වන නෝර්වේ ය. 

ඒ හැරුණු විට බොහෝ රටවල කොවිඩ් මරණ අනුපාතය ද ඉහළ ගොස් තිබේ. එහෙයින් මේ වන විට අයර්ලන්තය, අයිස්ලන්තය, ප්‍රංශයේ පැරීසිය, චෙක් ජනරජය මෙන් ම කිසියම් ප්‍රමාණයකට අනතුරින් මිදී තිබුණත් ජර්මනියේ බර්ලිනය ද නැවත වරක් අනිවාර්යය නීති කිහිපයක් සම්මත කරගෙන තිබේ.

මේ අතර යුරෝපානු කොමිෂන් සභාවේ සභාපතිනි, “උර්සුලා වොන් ඩර් ලෙයන්” ද මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටින්නී ය. ඒ, පසුගිය දිනෙක ඇය සහභාගී වූ රැස්වීමක සිටි අයෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමඟ ය.

About The Author