Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලෝක වෙළෙඳ ප්‍රදර්ශනය කල් යයි.

‘Expo 2020 ඩුබායි” ප්‍රදර්ශනය මෙ⁣ම වසරේ ඔක්තෝබර් මස ආරම්භ කිරීමට නියම වී තිබුණ ද පැතිර යන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එය එක් වසරකින් කල් දමා තිබේ.

සංවිධායකයින් පවසන්නේ ගෝලීය වසංගත තත්ත්වයක් යටතේ ජනතාව එරටට රැස් කර ගැනීම එතරම් ඇඟට ගුණ නොවන හෙයින් මෙම තීරණය ගත් බව යි. ප්‍රථම වරට මුළු ලොවට ම සහභාගි විය හැකි අන්දමේ ප්‍රදර්ශනයක් වන මෙය 2021 වසරේ ඔක්තෝබර් 01 වන දින සිට 2022 වසරේ මාර්තු මස 31 වන දින දක්වා පැවැත්වීම සඳහා මේ වන විට කටයුතු සූදානම් වෙමින් පවතියි.

ඩුබායි නගරයේ දකුණු පසට වන්නට ගොඩනංවා ඇති ප්‍රදර්ශන භූමිය වටා අති විශාල නැරඹුම් මැදිරියක් ද ඉදි කෙරෙමින් පවතී. මන්දයත් සංවිධායකවරුන් විශ්වාස කරන්නේ අදාළ කාලය තුළ එම ස්ථානයට අවම වශයෙන් මිලියන 25ක පමණ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණෙනු ඇති බව යි.