පසුගිය යහ පාලන සමයේදී මුල් ගල තබා ඉදිකිරීම ආරම්භ කළ අග්නිදිග ආසියවේ විශාලතම කර්මාන්ත ශාලාව අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
ඒ හොරණ වගවත්ත, අපනයන සැකසුම් කලාපයේ දී යි.
මේ සඳහා ආයෝජනය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 100 ක්.
අක්කර 155 ක් භුමි භාගයක මෙම කර්මාන්ත ශාලාව ඉදිකර තිබෙනවා.
අති නවීන යුරෝපීය තාක්ෂණයෙන් සමන්විත මෙම කර්මාන්ත ශාලාව තුල ඉතාලියේ ප්‍රමුඛ ටයර් සන්නමයක් වන “ෆෙරෙන්ටිනෝ” ටයර් නිෂ්පාදනය කෙරෙනවා.
මුල් අදියර යටතේ නිෂ්පාදන වලින් 80% අපනයනය කිරීමට නියමිතයි.
මේ හරහා සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් ද නිර්මාණය වී තිබෙනවා.
මෙම කර්මාන්ත ශාලාව සඳහා පසුගිය රජය සමයේදී මීට මුල් ගල තැබූ අවස්ථාව වන විට මේ සම්බන්ධයෙන් එවකට විපක්ෂයේ සිටි වර්තමාන ආණ්ඩුව නියෝජයනය කරන කණ්ඩායම් විවිධ චෝදනා එල්ල කිරීම මෙන්ම ඔවුන් ආණ්ඩු බලය ලබා ගත් පසු එය ඔවුන් මුලික වී ඉදිකළ කර්මාන්තශාලාවක් සේ හැගී යන අයුරින් විවෘත කිරීමද මෙහි ඇති අනෙක් විශේෂත්වයයි.
එමෙන්ම අදාල ආයෝජකයා සම්බන්ධයෙන්ද බරපතල චෝදනා එල්ල වූ අතර අදාළ ඉඩම ලබා දීමේදී පවා අක්‍රමිකතා සිදුකළ බවට යහපාලන රජයට චෝදනා එල්ල වුණා.


අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්