යකඩ පොල්ලක් අරන් ගෝල්ෆේස් අරගල කරුවන්ගේ ඔලු පළන්නත් ඇවිත් : පාර්ලිමේන්තුව ළඟදිත් අරගලකරුවන්ට සද්දය දාලා
ගාලු මුවදොර දී අරගලකරුවෙකුගේ හිසට යකඩ මුගුරකින් පහරදීම සම්බන්ධයෙන් පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙකු වන ‘සතා නාලක’ නම් පුද්ගලයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 43 හැවිරිදි අශාන්ත නාලක හෙවත් සතා නාලක නමින් හඳුන්වන අයෙක්.
අදාළ සැකකරු හෝකන්දර ප්‍රදේශයේ සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වේ.
ගාලු මුවදොර ඇතිවූ සිද්ධියේදී ඔහු ස්කූටරයකින් පොදුජන පෙරමුණේ ආධාරකරුවන් සමග ගාලු මුවදොරට පැමිණ තිබුණි.
එමෙන්ම ඔහු පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙකු බවද අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව මගින් අනාවරණ කරගෙන තිබේ.
මොහු මීට පෙර මිරිහානේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස අසල ඇතිවූ විරෝධතාවයේදී ගිනිගැනීමට ලක්වූ යුද හමුදා බස් රථය පදවාගෙන පැමිණ විරෝධතාකරුවන් ඉදිරිපිට නැවැත් වූ පුද්ගලයා බවටද පොලීසිය අනාවරණ කරගෙන තිබේ.
මේ අතර මෙම පුද්ගලයා පසුගිය පස්වනදා පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුරදී ද අරගලකරුවන්ට විරුද්ධව අදහස් පලකළ අයෙකි.
© අරුණ
More Stories
රනිල් රට ව්‍යසනයකට ගෙනියනවා : මුදල් ඇමති කම ෆේල් : පොහොට්ටු ඇමති ධම්මික අගමැති රනිල්ට ඉවත්වන ලෙස දැනුම්දෙයි : ඔස්තාර්ලා සමඟ විවාදයකට එන්නැයි අභියෝග කරයි
ඔබතුමාව අයින් කරන්න යන්නේ කියල මමත් දන්නවා : මාස හයෙන් රට හදන්න බෑ – හැරෙන තැපෑලෙන් අනුර අගමැතිට උත්තර දෙයි
ගෑස් නැවට බාල ගිරි ගොඩ වෙයි