Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පහක් වෙනුවෙන් හතළිහක් පොරකයි

නව අමාත්‍ය මණ්ඩලයේ ඇමතිධුර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර දැඩි සටනක් ආරම්භ වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පිරිස ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වරින් වර මුණගැසී හා විවිධ පාර්ශ්ව හරහා මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත.

අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද ඇතුළුව 25 දෙනකුට පමණ සීමා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වන අතර ඇමතිවරුන් 23 දෙනාගෙන් දහතුන් දෙනකු දැනටමත් දිවුරුම් දී ඇත.

ඇමති මණ්ඩලයේ ඇමතිවරුන් සංඛ්‍යාවෙන් දස දෙනකු පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවන අතර, ඉන් පස්දෙනකු මේ වන විටත් දිවුරුම්දී ඇත.

තවත් ඇමතිධූර පහක් පමණ පොදුජන පෙරමුණට වෙන්කර ඇති අතර, ඒ සඳහා මන්ත්‍රීවරුන් 40 දෙනකු පමණ ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

අමාත්‍ය මණ්ඩලයේ දිනේෂ් ගුණවර්ධන සහ ඊ පී ඩී පී නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන්ට අමතරව, කැබිනට් අමාත්‍යධුර එකොළහක් සෙසු පක්ෂවලට හිමිවීමට නියමිතය.

ඉන් සෙසු පක්ෂ හා කණ්ඩායම් නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත ,ආචාර්ය විජයදාස රාජපක්ෂ , හරීන් ප්‍රනාන්දු, මනුෂ නානයක්කාර, නලින් ප්‍රනාන්දු සහ ටිරාන් අලස් යන මහත්වරුන් ඇමතිධුරවල දැනටමත් දිවුරුම්දී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා සමගි ජන බලවේගය ට තවත් ඇමති ධූරයක් බැගින් වෙන් කර ඇතැයිද දැනගන්නට ඇත.

කැබිනට් මන්ඩලයේඉතිරි පිරිස හා රාජ්‍ය ඇමතිවරුන් ලබන සතියෙදි දිවුරුම් දීමට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ .

මේ අතර ,රාජ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාවද 30 කට පමණ සීමා කෙරෙනු ඇතැයි වාර්තා වේ

© ලංකාදීප