Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මිය ගිය මිනිසාට පණ ලැබේ.

එක්සත් ජනපද ජාතික උද්‍යානයක මිය ගොස් සිටි කඳු නගින්නෙකු නැවත පණ ලබා තිබේ. වාර්තාකරුවන් ප්‍රකාශ කරන්නේ විනාඩි 45ක් තිස්සේ ඔහුගේ හදවත නතර වී තිබුණ ද, නැවත පණ ගන්වා ගැනීමට වෛද්‍යවරුන් සමත් වී ඇති බව යි. 

වයස අවුරුදු 45ක් වන මයිකල් නැපින්ස්කි නම් වූ කඳු නඟින්නා හට පසුගිය සති අන්තයේ හිම මිදී තිබූ මවුන්ට් රේනර් ජාතික වනෝද්‍යානයේ දී සිහි නැති වී තිබේ.

පසුව ඔහුගේ සිරුර සොයාගනු ලැබූ අතර මිනිත්තු 45ක් ඇතුළත වොෂිංටන් ප්‍රාන්තයේ සියැටල්හි රෝහලකට ගෙන යන ලදී. රෝහලට ගෙන එන විට හෘදයේ ස්ඵන්දනය දුර්වල ලෙසින් ඇසෙන්නට තිබුණ ද පසුව ඔහුගේ හදවත නතර විය.

“ඔහු මිය ගියේ ශ්වසන යන්ත්‍රවලට සම්බන්ධ කොට සිටිය දී” යැයි ආචාර්ය ජෙනෙල් බදුලක් සියැටල් ටයිම්ස් පුවත්පතට පැවසීය.

වෛද්‍ය කණ්ඩායම නැපින්ස්කි මහතා බාහිර පටල ඔක්සිජන්කරණ (ඊ.සී.එම්.ඕ.) යන්ත්‍රයකට සම්බන්ධ කර තිබේ. පසුව ඔහුගේ ශරීරයෙන් කාබන් ඩයොක්සයිඩ් ඉවත් කර නැවත ඔහු තුළට ඔක්සිජන් පොම්ප කර තිබේ.

මිනිත්තු 45කට පමණ පසු ඔහුගේ හදවත නැවත ආරම්භ විය. දින දෙකකට පස්සේ ඔහු දෑස් හැරියේ ය.

“ඔහු අඬමින් සිටියා” රෝහල් හෙදියක් වන විට්නි හොලන් පැවසුවා ය. 

“ආරම්භයේ සිට අවසානය දක්වා ම අප හට එතරම් සහයෝගයක් ලබා දුන් අයෙකු දැකීම ඇත්තෙන්ම විශේෂ දෙයක්.”

තවමත් සුවය ලබමින් සිටින නැපින්ස්කි මහතා පවසන්නේ තමාට මෙම ගැටලුවට මුහුණ දීමට සිදු වූයේ කඳු නැගීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ප්‍රථම ඔහු මත්ද්‍රව්‍ය ගෙන සිටි නිසාවෙන් බව යි.

“මම ඉතා සෞඛ්‍ය සම්පන්න, නීරෝගී මිනිසෙකු වූයෙමි. වෛද්‍ය කාර්යය මණ්ඩලය මා මිය ගිය බව පිළිගැනීම ප්‍රතික්ෂේප කළහ. එහෙයින් මම පණ ලැබුවෙමි. ඔහු සතුටින් පැවසුවේ ය.