හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු 3 දෙනෙකුට ජූලි 31 දින මරණ දඬුවම නියම කෙරුනේ 2015 ජනාධිපතිවරණ සමයේ රැස්වීමකට සූදානම් වෙමින් සිටි පිරිසකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් දෙදෙනෙකුට මාරාන්තික ලෙස තුවාල කිරීම සම්බන්ධයෙන්.
ඔහුට මෙවර පැවති මහ මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප ලක්ෂයක්ද ඉක්මවා (104,237) හිමි විය.
මරණ දඬුවම නියම වී සිටින අදාල ප්‍රේමලාල් මහතාට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අවස්ථාව සලසා දෙන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය පසුගිය 7 වනදා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ බන්ධනාගාර අධිකාරිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
මිනීමැරුම් චෝදනාවකට වැරදිකරුව මරණ දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට විරෝධය පළකිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කලුපටි පැළඳ ඊයේ දින පාර්ලිමේන්තුවට පැමිණ තිබුණි
ඒ අනුව ඊයේ (08) දිනදී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට විරෝධය පළකිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කලුපටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ තිබූ අතර විපක්ෂයේ විරෝධතා මැද ඔහු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදී දිවුරුම් දෙන ලදි.
මිනීමැරුමක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී ඇති පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා කර තිබුණේ මේ අයුරින්
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි