Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනාධිපති කොමිසමට ගිහින් “මංගල” බුදු දහම ගැන අනුශාසනාවක් කරලා

බුදුන් වහන්සේගේ ධර්මය අනුව සිවුරක් පැළඳ සිටි පමණින් කිසියම් පුද්ගලයකු භික්ෂුන් වහන්සේ නමක් හෝ සංඝයා වහන්සේ නමක් නොවන බවත්

ඇතැමුන් ‘චීවරධාරීන්’ පමණක් බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

රාගය, ද්වේශය, මෝහය යන අකුසල මූලයන් උදුරා දැමීමට ක්‍රියාකරන පුද්ගලයා භික්ෂුවක් ලෙස හඳුන්වන බවත්, රාගය, ද්වේශය, මෝහය යන අකුසල මූලයන් නසා, සෝවාන්, සකෘදාගාමී, අනාගාමි හා අරහත් මාර්ගඵල ලැබූ හෝ එම මාර්ගයේ ගමන් කරන යම් අයකු වෙත්නම්, ඔවුන් ‘සංඝ‘ ලෙස හඳුන්වන බවත් කියා මෙහිදී සිටියේය. එසේම ඒ සඳහා චීවරයක් හැඳ සිටීම හෝ නොසිටීම අදාල නොමැති බව බෞද්ධ ඉතිහාසය සාක්ෂි දරන බවත් හිටපු ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියි.

ඔහු එබව සඳහන් කර සිටියේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සොයන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත ඊයේ (සැප්තැම්බර 08) ප්‍රකාශයක් කරමිනි.

අදාල කොමිසම විසින් මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාව කැඳවා තිබු අතර එහිදී පොලිස් ඒකකය විසින් පැය 04 කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබිණ.

හිටපු ඇමතිවරයා භික්ෂුව, සංඝයා හා ‘චීවරධාරීන් අතර වෙනස ඉහත ආකාරයෙන් පැහැදිලිකර ඇත්තේ, ඔහු විසින් පසුගිය සමයේදී බෞද්ධ හිමිවරුන්ට ‘චීවරධාරීන්’ ලෙස පැවසුයේ ඇයි දැයි මාධ්‍යවේදියකු විසින් කරනු ලැබූ ප්‍රශ්න කිරීම් හමුවේදීය.

කිසිවකු සිවුරක් හැඳ සිටි පමණින් ඔහු භික්ෂුවක් ලෙස තමා නොසලකන බවත්, රාගය, ද්වේශය, මෝහය යන ත්‍රිවිධ භවයන් උදුරා දැමීමට ක්‍රියාකරන ඕනෑම අයකුට තමා බෞද්ධයකු ලෙස ගරුකරනවා පමණක් නොව වැඳ නමස්කාර කරන බවත්  එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති මංගල සමරවීර, එවැනි භික්ෂුන් වහන්සේලා මෙරටේ සිටින බව තමන්ට විශ්වාස යයි ද අවධාරණය කර තිබේ.

කිසිවකු සිවුරක් හැඳ සිටි පමණින් ඔහු භික්ෂුවක් ලෙස තමා නොසලකන බවත්, රාගය, ද්වේශය, මෝහය යන ත්‍රිවිධ භවයන් උදුරා දැමීමට ක්‍රියාකරන ඕනෑම අයකුට තමා බෞද්ධයකු ලෙස ගරුකරනවා පමණක් නොව වැඳ නමස්කාර කරන බවත් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටි මංගල සමරවීර, එවැනි භික්ෂුන් වහන්සේලා මෙරටේ සිටින බව තමන්ට විශ්වාස යයි ද අවධාරණය කර තිබේ.

බෞද්ධයකු කියන්නේ කාටද ?

බුදුන් දේශනා කල පරිදි  “මනුෂ්‍ය හිත තුල ඇතිවන රාගය, ද්වේශය, මෝහය යන ත්‍රිවිධ අකුසල මූලයන් උදුරා දැමීමට ක්‍රියා කරන්නා“ යන්න ‘බෞද්ධයා‘ යන්නෙහි අර්ථය බව එහිදී සඳහන් කර ඇති හිටපු ඇමතිවරයා, තමා එම බුදු වදනට අනුව ප්‍රයෝගිකව කටයුතු කරන අයකු බවත්, එහිදී ජාති ආගම කුල මල භේද තමා කිසිඳු විටෙක නොසලකන බවත් අවධාරණය කර තිබේ.

ඒ අර්ථයෙන් සිංහල නොවන අයකුට වුවද බෞද්ධයකු වීමේ හැකියාව ඇති බව ඔහු විසින් සඳහන් කර ඇත.

බුදුන් දේශනා කළ පරිදි  “මනුෂ්‍ය හිත තුළ ඇතිවන රාගය, ද්වේශය, මෝහය යන ත්‍රිවිධ අකුසල මූලයන් උදුරා දැමීමට ක්‍රියා කරන්නා“ යන්න ‘බෞද්ධයා‘ යන්නෙහි අර්ථය බව එහිදී සඳහන් කර ඇති හිටපු ඇමතිවරයා, තමා එම බුදු වදනට අනුව ප්‍රයෝගිකව කටයුතු කරන අයකු බවත්, එහිදී ජාති ආගම කුල මල භේද තමා කිසිඳු විටෙක නොසලකන බවත් අවධාරණය කර තිබේ.

සාක්ෂි ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ මංගල සමරවීර මෙසේ පැවසිය.

Mangala 2020 09 08

‘ඇත්තවශයෙන්ම මම කතා කරේ මේ රටේ අන්තවාදය ගැන. විශේෂයෙන් මේ රට තුළ අන්තවාදය ඇතිවීම සම්බන්ධයෙන්….

”ඇත්තවශයෙන්ම මම කතා කරේ මේ රටේ අන්තවාදය ගැන. පාස්කු ප්‍රහාරය ගැන නෙවෙයි මගෙන් ඇහුවේ. විශේෂයෙන් මේ රට තුළ අන්තවාදය ඇතිවීම සම්බන්ධයෙන්.

මම මගේ දේශපාලන ජීවිතය පුරාම කතා කරපු විෂයක් නිසා වෙන්න ඇති.

අන්තවාදය ඇතිවීම සහ ඉදිරියේදී වැළැක්වීම ගැන දීර්ඝ වශයෙන් මම කතා කළා.

විශේෂයෙන්ම බෞද්ධාගම ගැනත් යම් කිසි පොඩි අනුශාසනාවකුත් කරලා, මේ රට තුළ අන්තවාදය ඇතිවීම ගැනත් මගේ අදහස් ප්‍රකාශ කළා.

මේ රට තුල ජාතිවාදී අන්තවාදය ඇති වීම ගැන සිංහල බෞද්ධයන් හැටියට අපි එක්තරා මට්ටමකින් වගකියන්න ඕනෙයි කියන දේ පෙන්නුවා.

ඒ වගේම සිංහල බෞද්ධ යැයි කියන අන්තවාදයත් අවසානයේ අපි මුහුණ දුන්න ඉස්ලාම් අන්තවාදයත් මම විශ්වාස කරනවා එකම කාසියේ දෙපැත්තක් කියලා.

”ඒ වගේම සිංහල බෞද්ධ යැයි කියන අන්තවාදයත් අවසානයේ අපි මුහුණ දුන්න ඉස්ලාම් අන්තවාදයත් මම විශ්වාස කරනවා එකම කාසියේ දෙපැත්තක් කියලා.”

අන්න එහෙමනම් අපි රටක් හැටියට ඉදිරියට යන්න නම් අපි අන්තවාදය සෑම ජාතියකින්ම ආගමකින්ම පරාජය කරන්නට කටයුතු කරන්න ඕනෙයි කියලා කිව්වා.

මේ වගේ පැය හතරක විතර කාලයක් කතා කළා. බොහොම හොඳට සැලකුවා. බොහොම ශිෂ්ඨ සම්පන්න නිලධාරීන් හිටියේ ඒ ගැන මම සතුටු වෙනවා.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් මම අහන්න ඉන්නේ මෙතනින් කාමරයක් ගන්න පුළුවන්ද කියලා. මොකද දැන් ආයිමත් 10 වැනිදා එනවා. ඊට පස්සේ 19 වැනිදා එනවා. ඊලඟට මට මාතර පොලිසියෙන් එන්න කියලා තියෙනවා සඳුදා.

”බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් මම අහන්න ඉන්නේ මෙතනින් කාමරයක් ගන්න පුළුවන්ද කියලා. මොකද දැන් ආයිමත් 10 වැනිදා එනවා. ඊට පස්සේ 19 වැනිදා එනවා. ඊලඟට මට මාතර පොලිසියෙන් එන්න කියලා තියෙනවා සඳුදා. ”

අර මම සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියපු කතාව ආයිමත් අහගන්න ඕනෙයි කියලා. ඉතින් මම මේ වගේම දීර්ඝ අනුශාසනාවක් මාතරදීත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

මම පරම්පරාගත බෞද්ධයෙක් හැටියට බෞද්ධ දර්ශනය හදවතින්ම පිළිගන්නා කෙනෙක් හැටියට මේ රටේ බෞද්ධාගම නමින් වෙන විනාසය ගැන දැඩි කම්පාවට ලක්වෙලා තියෙන්නේ.

”මම පරම්පරාගත බෞද්ධයෙක් හැටියට බෞද්ධ දර්ශනය හදවතින්ම පිළිගන්නා කෙනෙක් හැටියට මේ රටේ බෞද්ධාගම නමින් වෙන විනාශය ගැන දැඩි කම්පාවට ලක්වෙලා තියෙන්නේ. ”

නිබ්බානය කියන්නේ බැඳීම් නැති කිරීම

විශේෂයෙන් මම අදත් මේ කොමිෂන් සභාවට පෙන්නලා දුන්නේ බෞද්ධාගමේ මූලික ඉලක්කය තමයි නිබ්බානය කියන්නේ. නිබ්බානය කියන්නේ බැඳීම් නැති කිරීම.

නමුත් අද බෞද්ධ දර්ශනය වෙනුවෙන් පෙනී සිටින සමහරක් චීවරධාරීන් ඔය කියන බැඳීම් නැති කරනවා නෙවෙයි. සිවුරුදාගෙන බැඳීම් වැඩි කරගන්න එකයි කරන්නේ.

අපිට බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා බෞද්ධ දර්ශනය තුළ සංඝ රත්නය, භික්ෂු, චීවරධාරීන් කියලා කොටස් තුනක් ඉන්නවා කියලා.

”භික්ෂුන්වහන්සේලා කියන්නේ රාගය ද්වේශය මෝහය කියන අපේ ජීවිත තුළ ප්‍රධාන වශයෙන් දුක ගෙන දෙන කරුණු නැති කරන්නට තීරණය කරලා, ඒ සඳහා කටයුතු කරමින් ඒ නැති කරන ක්‍රමය අනික් අයට කියලා දෙන අයටයි.  අද අපි ඔක්කොටම මහා සංඝරත්නය කියලා කිව්වාට සැබෑ බුද්ධ දර්ශනයේ කියන්නේ මාර්ගඵල ලබපු සහ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන භික්ෂුන් වහන්සේලාට තමයි මහා සංඝ කියන්නේ..”

භික්ෂුන්වහන්සේලා කියන්නේ රාගය ද්වේශය මෝහය කියන අපේ ප්‍රධාන දුක ගෙන දෙන කරුණු නැති කරන්නට තීරණය කරලා, ඒ සඳහා කටයුතු කරමින්, ඒ නැති කරන ක්‍රමය අනික් අයට කියලා දෙන අයටයි.  

අද අපි ඔක්කොටම මහා සංඝරත්නය කියලා කිව්වාට  සැබෑ බුද්ධ දර්ශනයේ කියන්නේ මාර්ගඵල ලබපු සහ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන භික්ෂුන් වහන්සේලාට තමයි මහා සංඝ කියන්නේ.

අනික් තුන්වෙනි කට්ටිය ඒ කියන්නේ චීවරධාරීන් කියන්නේ සිවුර දාගෙන සිවුරේ මුවාවෙන් පෞද්ගලික දේවල් කරන අය.

අද මේ රටේ අන්තවාදයට හේතුවක් වෙලා තියෙන්නෙත් අන්තවාදය ඇති කරලා තියෙන්නෙත් මේ චීවරධාරීන් සහ අනෙකුත් ආගම්වල ඉන්න අන්තවාදීන් බව කියලා මීට වඩා දීර්ඝව කරුණු පෙන්වලා දුන්නා.

පාස්කු ඉරිදා සිද්ධියට අපිත් වගකිව යුතුයි…

Pasku

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ඒ වෙලාවේ පැවතුන ආණ්ඩුව හැටියට අපිත් වගකියන්න ඕන…

ඇත්තවශයෙන්ම පෞද්ගලිකව මගේ විෂයක් නොවුනට පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ඒ වෙලාවේ පැවතුන ආණ්ඩුව හැටියට අපි වගකියන්න ඕන වගේම,  මම හිතන්නේ ඊට මේ රටේ ඔය සහරාන්ලා වැනි මුස්ලිම් ලාංකිකයෝ එවැනි දේකට තල්ලු වීම සහ එවැනි අය පෝෂණය කිරීම සම්බන්ධයෙන් පසුගිය රාජපක්ෂ ආණ්ඩුවත් වගකියන්න ඕනේ.

ඒවගේම  නිදහසෙන් පසුව මේ රටේ අන්තවාදය පෝෂණය කරපු හැම රජයක්ම හැම කෙනෙක්මත් මේකට වගකියන්නත් ඕනේ.  

මොකද මේක එක පාරටම ගහෙන් ගෙඩි එන්නා වගේ ආපු ප්‍රශ්නයක් නෙවෙයි.

අයිඑස් ත්‍රස්තවාදය ක්‍රමානුකූලව පෝෂණය වෙච්ච කණ්ඩායමක්. එල්ටීටීඊයත් එහෙමයි.

මේවා පෝෂණය කරේ අපිමයි.

විශේෂයෙන් මේ ආගමේ නමින් ජාතියේ නමින් අන්තවාදය පෝෂණය කරේ අපිමයි.

මධ්‍යස්ථ දෙමළ ජනතාව 1983 කලු ජූලියෙන් එල්ටීටීඊයට තල්ලු කරා වගේම, දැන් මේ තියෙන ඉස්ලාම් විරෝධී ජාතිවාදයෙනුත් තවත් තවත් සහරාන්ලා දහස් ගාණක් ඇති කරන්න හදනවා.

”මධ්‍යස්ථ දෙමළ ජනතාව 1983 කලු ජූලියෙන් එල්ටීටීඊයට තල්ලු කරා වගේම, දැන් මේ තියෙන ඉස්ලාම් විරෝධී ජාතිවාදයෙනුත් තවත් තවත් සහරාන්ලා දහස් ගාණක් ඇති කරන්න හදනවා.”

වරදක් කරොත් දඬුවම් ලැබෙන්නත් ඕනේ. යහපාලන රජයේ එයට වකිවයුත්තන්ට දඬුවම් දෙන්න ඕනේ වගේම මේ පුද්ගලයන් බිහිවුනේ යහපාලන රජය යටතේ නොවන බවත් අපි කියන්න ඕන.

එවැනි ප්‍රහාරයන්ට සම්බන්ධවුන එම ප්‍රහාර මෙහෙයවපු පුද්ගලයන්ට 2010 සිට මුදල් ආධාර වැටුප් ගෙවපු රජයේ බුද්ධි අංශවල අයත් ඒ ආකාරයටම දඬුවම් විඳින්නට ඕනේ.

” විසඳුම ශ්‍රී ලාංකීය ජාතිය නිර්මාණය කිරීම පමණයි.”

රටක් හැටියට කවුද මේකට වගකියන්න ඕනේ  කියලා තීන්දු කරනවාට වඩා දැන්වත් අපි හිතන්නට ඕනේ ඉදිරියේවත් සහරාන්ලා ප්‍රභාකරන්ලා වැනි අන්තවාදීන් මේ රට බිහිනොවන්න නම්, අපි මේ රට තුල ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කරන්න ඕනේ.

අපි සිංහල, අපි බෞද්ධ, අපි දෙමල, අපි ඉස්ලාම් කියන මේ බෙදීමෙන් තමයි ත්‍රස්තවාදය පෝෂණය වෙන්නේ.

අපි ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කරොත් විතරයි තව දුරටත් අන්තවාදය නැති කරන්න පුලුවන් වෙන්නේ.

මේ අවස්ථාවේ ඒ සම්බන්ධව සියලු අය ඒකට ක්‍රියාකරන්න ඕනේ.

මම දරපු අමාත්‍යංශ මම බොහොම වගකීමෙන් යුතුව කරා. ඒවගේ ප්‍රතිඵලත් අද දකින්නට පුළුවන්.

මම මේ රටේ ජනාධිපති වුනානම් ඒ වගකීමත් දරනවා. හැමදේම ඉෂ්ට වෙන්නේ නැති වුනාට අදහස තියෙනවා. දැන් නම් හරිම සතුටෙන් විශ්‍රාමිකව ඉන්නවා.”

The Leader වෙබ් අඩවියෙන්