Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මිනිසාගේ පැරැණිතම සාක්ෂි අරාබියේ.

වසර 120,000ක් පමණ පැරැණි ෆොසිලකරණය වන ලද අඩි සටහන් සිය ගණනක් සෞදි අරාබියෙන් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් ව තිබේ.  එම සටහන් මානව සංචලනය පිළිබඳ පැරණිතම සාක්ෂි පෙන්වා දෙන බව ඔවුන්ගේ අදහස යි.

සෞදි අරාබියේ “නෙෆුඩ්” කාන්තාරයේ “අලතාර්” නමැති පුරාණ විලක් පිළිබඳ සමීක්ෂණයක දී  අවසාදිත ඛාදනය හේතුවෙන් නිරාවරණය වූ, පොසිලීකරණය වන ලද අඩි සටහන් 376ක් සොයා ගැනීමට පර්යේෂකයෝ සමත් වූහ.

අලතාර් විල අවට සොයාගත් පුරාණ හැඩයන් 376 අතුරින්, අශ්වයින්, ඔටුවන් සහ අලි ඇතුන්ගේ සටහන් ඇතුළු සත්ත්ව අඩි සටහන් බොහොමයක් ද විශේෂඥයින් විසින් හඳුනා ගන්නා ලදී. මීට වසර 400,000 කට පමණ පෙර ලෙවන්ට්හි දී එම අලින් වඳ වී ගොස් ඇති බව කියවේ.

එහෙත් පුදුමයට කරුණක් වශයෙන් පර්යේෂකයන් කියා සිටියේ ඔවුන් මිනිස් පා සටහන් හතක් ද සොයා ගත් බවයි. වැඩිදුර පර්යේෂණ මඟින් සනාථ වුවහොත් මානව විශේෂ පිළිබඳ පැරණිතම සාක්ෂිය අරාබි අර්ධද්වීපයට අයිති වනු ඇත. එලෙස ම එය බොහෝ ගැටුම්වලට ද මඟ පාදනු ඇත.

About The Author