Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මිනිස්සුන්ගෙන් ගරාගෙන කන්න දෙන්න බෑ – මහින්දානන්ද අසාධාරණයට එරෙහි වෙයි

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 20කට විකිණෙන ලීක්ස් කිලෝවක් නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ විකිණෙන මිල රුපියල් 140ක් බව ඊයේ දිනයේ අනාවරණය වුනා.

ඒ COVID 19 වසංගතය නැවත හිස ඔසවන අවස්ථාවක ගොවි ජනතාවත් පාරිභෝගික ජනතාවත් රැක ගනිමින් අත්‍යාවශ්‍ය එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව බෙදාහැරීම, එළවළු අපතේ යාම වලක්වාලීම සහ ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිළිබඳව සොයා බැලීම සඳහා නුවරඑළිය ආර්ථික මධස්ථානයේ දී අමත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ සිදුකල නිරීක්ෂණ චාරිකාවකදියි.

අමාත්‍යවරයා මෙහිදී දුරකථනය මගින් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් විමසමින් කටයුතු කළ අතර එහිදී අනවරණය වුයේ නුවරඑළියේ මිල ගණන් වලට වඩා දෙතුන් ගුණයක් වැඩියෙන් ඇතැම් එළවලු නාරාහේන්පිට දී අලෙවි වන බවයි.

මෙහි වාසිය ගොවියන්ට මෙන්ම තොග වෙළදාමේ යෙදෙන පිරිස් වලටත් නොලැබෙන බව පැවසු අමාත්‍යවරයා යම් අතරමැදියන් පිරිසක් අසාධාරණ ලෙස කටයුතු කරමින් මුදල් ඉපයීමේ යෙදෙන බවද පෙන්වා දුන්නා.

එමෙන්ම ඊට එරෙහිව ඉදිරියේදී කටයුතු කරන බවද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

About The Author