Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලයිබීරියානු ජනාධිපතිවරයා නැවත නැඟිටියි ද?

ලයිබීරියානු ජනාධිපති ජෝර්ජ් වේහ් තෙවැනි වරටත් එම ධුරයට පත් නොවනු ඇති බව ඔහුගේ මාණ්ඩලික ප්‍රධානියා පවසයි.

මෙම බටහිර අප්‍රිකානු රට ජනාධිපති ධුර කාලය තුළ වසර හයේ සිට පහ දක්වා අඩු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත වෙනස්කම් පිළිබඳ ජනමත විචාරණයකට සූදානම් වෙමින් සිටී.

විපක්ෂය පවසන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනස මඟින් ජනාධිපති වේහ් හට අනෙකුත් ප‍්‍රාදේශීය නායකයන්ට මෙන් සිය ජනාධිපති ධුරය දීර්ඝ කර ගැනීමට ඉඩ සැලසෙන බවයි.

එහෙත් ජනාධිපති මාණ්ඩලික ප්‍රධානී නතානියෙල් මැක්ගිල් විසින් මොන්රෝවියා අගනුවර දී මාධ්‍යවේදීන්ට පැවසුවේ ජනාධිපතිවරයා සිය පළමු ධුර කාලය තවම අවසන් කර නොමැති බවයි.

“එක් මිනිසෙකු දිගු කලක් ජනාධිපති වීම හොඳ නැත. එහෙයින් අපගේ ජනාධිපතිවරයා තුන්වෙනි වාරයක් ගැන සිතන්නේ නැත.” ඔහු පැවසීය.

ජනාධිපති වේහ් එම ධූරයට පත් වූයේ 2018 වසරේ දී ය.