2022 නොවැම්බර් 27

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මැරිච්ච මාළු කන්න එපා – උගන්ඩාව කියයි.

උගන්ඩාවේ බලධාරීහු අප්‍රිකාවේ විශාලතම මිරිදිය ජලාශය වන වික්ටෝරියා විල තුළ සිටි මසුන් විශාල වශයෙන් මිය යාමට හේතුව සොයා බලමින් සිටිති.

එසේ මියගිය මාළුන් අනුභව නොකරන ලෙසත් ඒවා වළලා දමන ලෙසත් ධීවර අමාත්‍යංශය මහජනතාවට අනතුරු අඟවා තිබේ.

ප්‍රදේශවාසීන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි තුළ පළ කරන ලද ඡායාරූපවලින් දැක්වෙන්නේ වික්ටෝරියා විලෙහි මෙන්ම කියොගා විල සහ නයිල් ගඟෙහි ද පණ නැති මසුන් දුසිම් ගණනක් ඉවුරට ගසාගෙන විත් ඇති බවයි.

වි⁣ල් තුළ ඔක්සිජන් මට්ටම පහත වැටීම නිසා මෙම මරණ සිදුවිය හැකි බව බලධාරීහු පවසා සිටිති.