Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අනුෂ්කාට බබා හම්බ වෙලා.

බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා මීට ටික වේලාවකට පෙර ගැහැණු දරුවෙකු බිහි කළ බව ඇගේ සැමියා වන ඉන්දීය ක්‍රිකට් නායක, විරාත් කෝලි නිවේදනය කළේය.

කෝලි මෙම ආරංචිය සිය රසික රසිකාවන්ට දන්වා තිබෙන්නේ ට්විටර් සමාජ මාධ්‍ය ජාලය හරහා ය.

 “ඔබ සියලුදෙනාගේ ම ආදරය, යාඥාවන් සහ සුබ පැතුම්වලට අපි ඔබට ස්තූතිවන්ත වෙමු” කෝලි සිය ට්විටර් අඩවිය තුළ පළ කර තිබේ.

මෙම තරු යුවළ 2017 දෙසැම්බර් මාසයේ ඉතාලියේ දී විවාහ වූයේ පවුල් සබඳතාවකිනි.

මේ වන විට මව සහ දරුවා යන දෙදෙනා ම සුවෙන් පසු වන බව කියවේ.