කොරෝනා හේතුවෙන් මියයන් මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම පිළිබඳ වගකීම ජනාධිපතිවරයා විසින් ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ජනධිපතිවරයා රටේ නීති සහ චක්‍රලේඛ පවා වෙනස් කරමින් කටයුතු කරන පුද්ගලයෙකු වී තිබියදීත් මෙම සංවේදී කරුණ මග හැර යාම අවස්ථාවාදී ක්‍රියාවක් බවයි.
ඔහු මේ අදහස් පල කළේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ” මුළාව පරදමු – එක්වී නැගිටිමු” යන තේමාව යටතේ සංවිධානය කර තිබු රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවක් පසුගියදා (01) අමතමින්.
මෙහිදී “මහින්දාලා මුස්ලිම් ජනතාවට සලකපු විදිය අපි දන්නවා” යනුවෙන් සදහන් කරමින් පාලිත තෙවරප්පෙරුම මහතා අලුත්ගම දර්ගා නගරයේ පසුගිය කාලයේ ඇතිවූ සිදුවීමක් පිළිබඳව ද විශේෂ අනාවරණයක් සිදු කළා.
අදාළ වීඩියෝව පහළින්..
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි