Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මාවනැල්ලේ බුදු මැදුරුවලට නැවතත් ගල් පාර, ගල් කොරියක වෙඩි බෙහෙත් කිලෝ 19 කුත් අතුරුදන් – පරීක්ෂණ පුළුල් කෙරේ

පසුගියදා කොළඹ නුවර මහා මාර්ගයේ මාවනැල්ල හිගුල ප‍්‍රදේශයේ  ඇති බුදු මැදුරේ ඉදිපස විදුරුවකට පහර දිමෙන් අලාභාහනි සිදු වි ඇති බව මාවනැල්ල පොලිසිය පවසා සිටී.

පහර දිම කිසියම් අන්තවාදී පිරිසක් විසින් සිදු කරන්නට ඇති බව පොලිසියේ විශ්වාසයයි.මෙම බුදු මැදුරට මෙයට වසර දෙකකට පෙරද මෙලෙස පහර දි අලාභානි සිදු කර තිබුණි.

මේ අතර මාවනැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ අලූත්නුවර නගරයේ බුදු පිළිමයක් තැන්පත් කර ඇති කුටියක ඉදිපස විදුරුවකට පහර දිමෙන් විදුරුවට හානි සිදු වි ඇත. මීට දින කිහිපයකට කලින් මෙම සිදුවීමත් වාර්තා වී තිබේ.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ සහරාන්ගේ ක්‍රියාකාරකම් වල ආරම්භය සිදු වුයේ 2018 වසරේ අග භාගයේ බුදු පිළිම වලට පහර දීමත් සමඟ මාවනැල්ල ප‍්‍රදේශයෙන් බව කියවේ.

මේ අතර මාවනැල්ල, දුන්ගේකන්දේ කළුගල් කැඩීමට රැගෙන ආ බව කියන පුපුරන ද්‍රව්‍ය කිලෝ 19ක් අතුරුදන් වීම සම්බන්ධව පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ නියෝග මත සී.අයි.ඩි. විමර්ශනයක් අරඹා ඇති බව ද වාර්තා වේ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන්ගේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය ද මාවනැල්ල කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වීමත්, පාස්කු ප්‍රහාරයට යොදාගත් පුපුරන ද්‍රව්‍ය හා සමාන පුපුරන ද්‍රව්‍ය අතුරුදන් වීමත් යන කරුණු සම්බන්ධව මෙම විමර්ශන ඇරැඹී තිබේ.

දුල්ගේකන්දේ, ගල් කැඩීම සඳහා මාවනැල්ල, නිව්ලෑන්ඩ්වත්තේ වූ ගල්වැඩපොළක ගබඩා කර තිබූ ඇමෝනියා නයිට්‍රේට්- කිලෝග්‍රෑම් 15ක්, ඩයිනමයිට් කරල් හයක්, වෙඩි නූල් මීටර් 68ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 19ක් අතුරුදන්ව ඇති බවට මාවනැල්ල පොලිසියට පැමිණිලි ලැබුණේ ඉකුත් 23 වැනිදාය.

මෙයට සැක සහිත ගල්වළේම පුද්ගලයකු ගැන පොලිසියට පැමිණිලි ලැබුණද ඔහු මීට සම්බන්ධයක් නැති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ඒ අනුව මෙම පුපුරන ද්‍රව්‍ය කවුරුන් අතට පත්වූවාද යන්න සැකසහිත බැවින් පොලිස්පතිවරයාට ලද වාර්තාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන භාර දී ඇත.

මෙම සිදුවීම සැලකිල්ලට ගනිමින් ගල් කොරිවලට ලබා දෙන පුපුරණ ද්‍රව්‍ය නිසි පරිදි භාවිතා කිරීම හා ගල්කොරි අධීක්ෂණයට විශ්‍රාමික හමුදා නිලධාරියෙක් පත්කිරීමට තීරණය කර තිබේ.

එම නිලධාරියා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අනුයුක්තව පත්කිරීමට නියමිතය.

රටේ සියලු ගල්කොරිවල කටයුතු විදිමත් පරිදි අධීක්ෂණය සඳහා පියවර ගැනීමට පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇතැයි ද විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කර තිබෙනවා.

කළු ගලක් කැණීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් බලපත් ලබාදීමෙන් පසු පුපුරණ ද්‍රව්‍ය ලබාගැනීම සඳහා ඒ සම්බන්ධ වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කිරීමටද නියමිතයි.

About The Author