Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යුක්රේනයෙන් ආ හයකට පොසිටිව් – නඩයේ අනිත් අය රටපුරා සංචාරයේ

කොරෝනා ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ හය දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ශ්‍රී ලංකාවට මත්තල ගුවන්තොටුපල හරහා පැමිණි යුක්රේන ජාතික සංචාරක කණ්ඩායෙම් හය දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

කෙසේ නමුත් සෞඛ්‍ය අංශ කියා සිටින්නේ මෙම පිරිසගේ වෛරසය පැතිරීමේ ඉඩක් නොමැති බවයි.

එමන්ම එම සංචාරකයන්ට කොරෝනා අසාදනය වී තිබිය හැකි බව මෙරට සෞඛ්‍ය අංශද දැන සිටි බවයි.

මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වා ගෙන ඇත්තේ නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව බවයි.

විදේශයන්හි සිට පැමිණෙන සංචාරකයෙකු කොරෝනා ආසාදිත බවට තහවුරුවුවහොත්, ගත යුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් පෙර සිටම සැලසුම් සකස් කර තිබූ බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප‍්‍රකාශ කළා. 

ඔවුන් මහජනතාව සමග මුසු නොවන ලෙස සංචාරය කරනු ඇතැයිද ඔහු කියා සිටී.