Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහර සිද්ධිය ගැන පෙති සහ කුමන්ත්‍රණ කතා කියූ ඇමති විමල් සහ ජයන්ත ගැන අධිකරණ නියෝගයකින් පරීක්ෂණයක්

මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කළ විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන ඇමැතිවරුන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (30 වැනිදා) නියෝග කර තිබෙනවා.

ඇමැති විමල් වීරවංශ සහ රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර, මහර බන්ධනාගාර සිද්ධිය කුමන්ත්‍රණයක් බවත්, මත පෙති භාවිතයක් හේතුවෙන් නිර්මාණය වුවක් බවත් සඳහන් කරමින් විවිධ ප්‍රකාශ නිකුත් කර තිබෙන බවත්, එහි සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි, සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන දෙදෙනා කර තිබෙන ප්‍රකාශයන් ගැන විමර්ශන කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කිරීමට පියවර ගෙන තිබෙනවා.