බෝගම්බර බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙකු මිය ගොස් තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුශාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ බෝගම්බර බන්ධනාගාරය පලා යාමට කළ පස්දෙනෙකුට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් වෙඩි තබා ඇති බවයි.
අදාල වෙඩි තැබීමෙන් මිය ගොස් තිබෙනවා.
මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කොට තිබෙන පැරණි බෝගම්බර් බන්ධනාගාරයේ වාට්ටුවක නිරෝධායනයට ලක් කොට සිටි රැඳවියන් පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රියේදී මෙලෙස පළා යාමට තැත් කොට තිබෙනවා.
එය වැළැක්වීමට බන්ධනාගාර නිළධාරින් පියවර ගත් අවස්ථාවේදී බන්ධනාගාරය තුල උණුසුම් තත්වයක් හටගෙන ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කියා සිටියේ.
එහිදී එක් රැදවියෙකු තාප්පයෙන් පැන පලාගොස් ඇති අතර අල්ලාගත් රැදවියන් 03 දෙනාගෙන් අයෙකු තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මේ වනවිට පලාගිය රැදවියා අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය සහ විශේෂ කාර්යය බළකාය මේවනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ද වාර්තාවනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කිරීමට බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් පත් කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි