Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වැරදි දේ සමාජ ගත කරන්න එපා මැ.කෝ නිවේදකයෙකුගේ මූණටම කියයි

වැරදි කරුණු සමාජ ගත කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා  නිවේදකයකු ගේ මුහුණටම පැවසීමෙ සිදුවීමක්  වාර්තා වනවා

ඒ  පසුගිය සදුදා හිරු ටීවී ඔස්සේ විකාශය වූ සලකුණ වැඩසටහන දී   ඊලම  යන වචනය සම්බන්ධයෙන්  ඇතිවූ කතාබහක්  අතරතුරයි.

එහි දී  අදාළ  නිවේදකයා  මහින්ද දේශප්‍රිය මහතාගෙන් ප්‍රශ්න කළේ ඊලම යන  වචනය  මෙරට ආණ්ඩු ව්‍යවස්ථා වූ දේශපාලන ක්‍රමවේදය ගැලපෙන්නේද යන්නයි.

මැතිවරණ හිටපු සභාපති වරයා සඳහන් කළේ ඊලම යන වචනය ශ්‍රී ලංකාව යන වචනයට සමාන දෙමළ වචනයක් වන බවයි.

එය රත්න දීප ,හෙළය වැනි සිංහල වචන මෙන් වන දෙමල වචනයක් බවද ඔහු පෙන්වා දුන්නා.

නමුත් තමන් කිසි විටක දෙමළ ඊළම හෝ සිංහල ලංකාව යන හැදින්වීම් අනුමත නොකරන බවද පැවසු දේශප්‍රිය මහතා ඇතැමුන් සත්‍ය කරුණු වෙනුවට විකෘති කරන ලද කරුණු සමාජ ගත කිරීමට කටයුතු කරන බවද  පේනවා දුන්නා.

අදාළ වීඩියෝව පහළින්..