බන්ධනාගාර තුළට බළලුන් ලවා කුඩු ගෙන යාමේ කටයුත්තක සුලමුල හෙළිව තිබෙනවා.
ඒ හෙරොයින් මත්ද්‍රව්‍ය බෙල්ලේ ගැටගසා වැලිකඩ බන්ධනාගාරය තුළට යැවීමට සූදානම් කර සිටි බළලෙකු අද (01) සොයාගැනීමත් සමඟයි.
බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම බළලාව අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වූ බවයි පැවසෙන්නේ.
මීට පෙර මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා පුහුණු කරන ලදැයි කියවුණු උකුස්සකු ද පසුගිය දිනවල පොලිස් භාරයට ගෙන තිබුණා.


අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්