Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බයිඩන් දිවුරුම් දීම අද.

ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් මහතා අද දින දිවුරුම් දීමට නියමිත ය.

ඔහුගේ උප ජනාධිපතිවරිය වශයෙන් කමලා හැරිස් මහත්මිය ද දිවුරුම් දෙනු ඇත.

ගිය වසරේ එරට පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති, ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ජෝ බයිඩන් ප්‍රමුඛ ඩිමොක්‍රටික්වරුන් හට හැකි විය.

පසුගිය කාලය මුළුල්ලේ අග නගරය පුරා පැවැති විරෝධතා හා කළකෝළහාල හේතුවෙන් මෙම උත්සවය සඳහා අරක්ෂක නිළධාරීන් 25,000කගේ සහයේගය ලබා ගැනීමට රජය කටයුතු කරනු ඇත.

මෙතුවක් ධවල මන්දිරය හැර යාම ප්‍රතික්ෂේප කරමින් සිටි හිටපු ජනාධිපති ට්‍රම්ප්, අද දින සිය ප්‍රතිපත්තිය බිඳ දමා මන්දිරය අතහැර යාමට තීරණය කර තිබේ. ඔහුගේ ගමනාන්තය ෆ්ලොරිඩාව බවට ආරංචි පළ වී ඇත.

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දිනයේ සිට ජෝ බයිඩෙන් හට විරුද්ධ වූ ඔහු දිවුරුම් දීමේ උත්සවයටවත් සහභාගී නොවන බව දන්වා තිබේ.

About The Author