Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බන්ධනාගාර සහ රාජ්‍ය බැංකුවල සේවයටත් හමුදා නිලධාරීන් !!

ත්‍රිවිධ හමුදාවල සේවය කර නීත්‍යානුකූලව ඉවත් වු පුද්ගලයන් 200 දෙනෙකු බන්ධනාගාර නියාමකවරුන් ලෙස වහාම බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන් ඒ සඳහා බඳවා ගැනීමට අදාළ අයදුම්පත් පුවත්පත් මගින් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

බන්ධානාගාර නිලධාරීන් ලෙස බඳවා ගන්නා මෙම හමුදා සේවයේ යෙදී සිටි විශ්‍රාමික සෙබළුන් බන්ධනාගාර බුද්ධි අංශ ඇතුළු විශේෂිත සේවාවන් වෙත අනුයුක්ත කිරීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා වැඩි දුරටත් සදහන් කළා.

මේ අතර ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා පත්කර ඇති බව වාර්තවනවා.

මෙම පත්කිරීමත් සමග රාජ්‍ය බැංකු අධ්‍යක්ෂ මණ්ඩලවලටද විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කිරීම ආරම්භ කර ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.

එම බැංකුවට විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත් කිරීම මගින් බැංකු ක්ෂේත්‍රයද හමුදාකරණ කිරීම ආරම්භ කර ඇති බවට එහි වෘත්තිය සමිති චෝදනා කරනවා.

විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මේ වනවිටත් ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති ලෙසත් ඊට පෙර උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසත් කටයුතු කළා.

වත්මන් ආණ්ඩුව බලයට පත් වූ දා පටන් හමුදා නිලධාරීන්ට රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ මෙන්ම රජයේ තීරණාත්මක මෙන්ම ආර්ථික ,මර්මස්ථාන රැසක වගකීම් සහගත තනතුරු ලබා දීමට පියවර ගැනුණා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රශ්න කළ අවස්ථාවන්වලදී රජයේ මැති ඇමතිවරුන් විසින්ම පෙන්වා දුන්නේ හමුදා නිලධාරින් විනයක් සහ පිළිවෙලක් අනුව වැඩ කරන පිරිසක් බැවින් බැවින් ඔවුන්ට අදාළ වගකීම් පැවරීම සාධාරණිකරණය කර තිබුණා.

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයට පවා හිමි විය යුතු තනතුරු රැසක් මේ වන විට දරමින් සිටින්නේ හමුදාවේ විශ්‍රාමික නිලධාරින් හෝ තවමත් සක්‍රීය සේවයේ නිරත නිලධාරීන් වීම විශේෂත්වයක්.

About The Author