Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අන්තවාදීන් ජාතිභේදය ඇතිකොට බිල්ලක් සොයනවාද?යාපනයේ බුදු මැදුරකට ගල් ප්‍රහාරයක්

යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මණ්ඩපයේ ඇති බුදු මැදුරට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

දුර සිට ගල් මුල්වලින් මෙම පහර දීම සිදුකර ඇතිබවයි වාර්තාවන්නේ.

එම ස්ථනයේ සර්වාගමික වතාවත් පැවැත්විය හැකි ලෙස සියලු ආගම් නියෝජනය කෙරෙන සිද්ධස්ථාන ඉදි කර ඇති අතර ප්‍රහරකයන්ගේ ඉලක්කය බුදු මැදුර වී ඇති බවයි වාර්තාවන්නේ.

ආරක්ෂක අංශ සක් පල කරන්නේ යම් කඩාකප්පල් කාරීන් පිරිසක් විසින් මෙය සිදු කරන්නට ඇති බවයි.

මේවන විට පොලීසිය මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගියදා යාපනය සරසවිය තුල තිබු වෙල්ලමුල්ලිවයිකාල් සැමරුම් ස්මාරකය ඩෝසර් කර ඉවත් කිරීමත් සමඟ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය, එය නැවත ඉදිකිරීමට ගනු ලැබූ තීරණයත් සමග පහව ගොස් ඇති බව පෙනෙන්ට ඇතත් යම් යම් කඩාකප්පල්කාරී පිරිස් උතුරේ සහ දකුණේ ජනතාව තුළ යම් නොසන්සුන්තාවන් ඇති කිරීමට උත්සහ දරන්නේද යන්න පිළිබඳ ආරක්ෂා අංශවල දැඩි අවධානය යොමුව තිබෙනවා.

© ඡායාරුපය LankCnews.lk