පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට දැඩි පාරිසරික හානියක් සිදු කරමින් මාර්ගයක් ඉදිකිරීම වහා නතර කිරීම සම්බන්ධව වනජීවී ඇමැතිවරයා ඇතුළු බලධාරීන් මෙමස 06 වැනිදාට පෙර තීන්දුවක් නොගතහොත් ලබන සඳුදා (07 වැනිදා) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව වනජීවී වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ඇතුළු පරිසර පද්ධතිවලට සිදුවී තිබෙන පරිසර හානි අවම කිරීමට වහා පියවර ගන්නා ලෙස වනජීවී හා වන සංරක්ෂණ ඇමැතිවරයාට,අමාත්‍යාංශ ලේකම්වරයාට සහ වනජීවී බලධාරීන්ට දන්වා ඇතත්,මේ වනතුරු ඒ සම්බන්ධව සාකච්ඡාවක් හෝ පිළිතුරක් ලැබී නොමැති බව ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක පැවසුවේය.
පරිසර සම්පත් ආරක්ෂා කිරීම සඳහා ලබන ඳුදා (07 වැනිදා) වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත්,ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මාර්ගයක් ඉදි කිරීම නිසා අලින්ගේ ගමනාගමනයට බාධා ඇතිවන බවද සභාපතිවරයා කීවේය.
ලබන සඳුදා ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ගයට කේෂත්‍ර නිලධාරීන්ද සම්බන්ධ වන බව වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමය පවසයි.
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේදී රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක වනජීවී නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් ඉකුත් නොවැම්බර් 27 වැනිදා අසනීප නිවාඩු දමා සිය විරෝධය දැක්වූහ.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි