හෝමාගම පොලීස්ථානයට නීතිවිරෝධී ලෙස නළ ජලය ලබාගෙන ඇති බව වැටලීමක දී අනාවරණය වී තිබෙනවා.
අදාළ වැටලීම සිදුකර තිබෙන්නේ ජලසම්පාදන මණ්ඩලයේ රත්මලාන විශේෂ වැටලීම් ඒකකය විසින්.
එහිදී වැඩි දුරටත් හෙළිවී ඇත්තේ වසර 10ක සිට මෙම නීතිවිරෝධී ක්‍රියාව සිදු වී ඇති බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිසිවක් එම පොලීසියේ සේවය කරන උසස් නිලධාරීන් නොදන්නා බවද අනාවරණ වී තිබෙනවා.
මෙවැනි වංචාවක් නීතියේ රැහැනට හසු වූ වහාම අදාළ ස්ථානයේ ජල සැපයුම අත්හිටුවීම සාමාන්‍ය ක්‍රියා පිළිවෙත වුවද පොලීසිය රාජ්‍ය ආයතනයක් බැවින් එහි ජල කප්පාදුවක් සිදු නොකිරීමට ද කටයුතු කළ බව වැටලීමට එක්වූ ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියෙකු සඳහන් කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට