Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොර කුකුල්ලු

වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැහැ නේ. ඒත් බොලිවුඩයේ සමහරක් උදවියට නම් තරහ වීමේ සීමාවක් නැහැ. අවුරුදු හතළිහක පනහක උදවිය මේ විදිහට පොඩි ළමයි වගේ ගහ මරා ගන්න එක කොයි තරම් ලජ්ජා සහගතද කියන එක එයාලට තේරෙන්නේ නැති එක නේ පුදුමේ.


කාලයක් ශාරුක් ඛාන්ගේ හොඳම යෙහෙළිය වුණේ ෆාරා ඛාන්. ෆාරාගේ හැම චිත‍්‍රපටයේ ම හිටියේ ශාරුක්. ඒ වගේ ම ශාරුක් මොකක් හරි චරිතයක් රඟපානවා නම්, ඒ චිත‍්‍රපටය අයිති වුනේ ෆාරාට. ඒත් පස්සේ පස්සේ තත්ත්වය වෙනස් වුණා. ඉස්සෙල්ලා ආව කණට වඩා පස්සේ ආව අඟ ලොකු වුණු ෆාරා, ඉන් පස්සේ තමන්ගේ චිත‍්‍රපටවල ප‍්‍රධාන චරිතයට තෝර ගත්තේ ශාරුක්ගේ පරම හතුරා වුණු සල්මාන්. ඊට පස්සේ දිවෙන් දිව ගාගෙන හිටිය දෙන්නා නයයි පොළඟයි වගේ වෛර කරන්න පටන් ගත්තා. ප‍්‍රසිද්ධියේ මඟහැර යාම් විතරක් නෙවෙයි කොණ්ඩවළු පටලවා ගැනීම් වගේ බොහොම පිළිකුල් සහගත සිද්ධිත් වුණා.


ඒත් දැනට අවුරුදු කිහිපයකට කලින් එයාලා ආයෙත් යාළු වුණා නේ? ඔව්, හැබැයි දැනට දින කිහිපයකට කලින් ෆාරාගේ නිවසේ පැවැත් වුණු ප‍්‍රිය සාදයට ශාරුක් ආවේ නැහැ. මොකද කිය කියා කට්ටිය හිත හිතා ඉන්න අතරේ, මෙන්න එනවා සල්මාන් ඛාන්. තනියම නෙවෙයි. තමන්ගේ පවුලේ උදවියත් එක්ක ම. ඒක දැකපු හුඟ දෙනෙකුගේ ඇස් උඩ ගියා. කියන්නේ යුද්දේ ආයෙත් පටන් අරන්වත් ද?