Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාස්කු ප්‍රහාරයේ වගකීම දරනවා නම් තානාපති කමක් සමග සැප දෙන්න අහලා

2019 අපේ‍්‍රල් 21 වන පාස්කු ඉරුදින සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වගකීම භාරගෙන සිය ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් විශ්‍රාම වැටුප සහ ඔහු සේවය කිරීමට කැමති ඕනෑම රටක තානාපති තනතුරක් ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට පවසා ඇති බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා ඊයේ(18) පාස්කු ඉරුදින ප්‍රහාර ගැන සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත දැනුම් දුන් බව Daily Mirror පුවත්පත වාර්තා කරනවා.

ජනාධිපති සිරිසේන මහතා එලෙස පැවසීමෙන් අනතුරුව හිටපු පොලිස්පති ජයසුන්දර මහතා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට ප්‍රනාන්දු මහතා වෙතට පැමිණ ඇති බව කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු සඳහන් කර ඇත.

පොලිස්පතිවරයාගේ කාරණය ඉතා බරපතල ගැටළුවක් බැවින් ඒ සම්බන්ධයෙන් තමාට එයට සම්බන්ධ විය නොහැකි බවත් ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ මේ ගැන සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටි බවත් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසා ඇත.

ත‍්‍රස්ත ප‍්‍රහාරය සඳහා හේතු සහ එහි පසුබිම පිළිබඳව සොයා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසමෙන් නිදහස් කළ හැකි බව හිටපු ජනාධිපති ජයසුන්දරට ​​දන්වා ඇති බව ද ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

About The Author