හදිසි භාවිතය සඳහා බව සඳහන් කරමින් ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අද දිනයේදී එම අනුමැතිය ලබා දුන් බවයි.
මෙරට තුල කොවිඩ් මර්ධන එන්නතක් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලද ප්‍රථම අවස්ථාව මෙයයි.
මෙතෙක් එන්නත් වර්ග ගෙන්වීම සහ ලබාදීම පිලිබඳ කතාබහක් නිර්මාණය වී තිබුණත් ඒ කිසිවකට අනුමැතියක් හිමිව තිබුනේ නැහැ.
කෙසේ වුවද මෙම අනුමැතිය ලබා දී ඇත්තේ මෙරට තුළ දී සිදු කරන ලද කිසියම් සායනික පරීක්ෂාවකින් අනතුරුව ද යන්න පිළිබඳ කරුණු මෙතෙක් අනාවරණය වී නැහැ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට