තොරතුරු සන්නිවේදනයේ දෝෂයක් බව ඇමති සරත් වීරසේකර කියයි
නාවික හමුදා නිලධාරියකු විසින් කතෝලික දේවස්ථාන කිහිපයක ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සිදු කළ දැනුම්දීමක් සම්බන්ධයෙන් පසුගියදා දැඩි ආන්දෝලනයක් නිර්මාණය වුණා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරන්නේ එය තොරතුරු සන්නිවේදනයේ දී සිදුවු දෝෂයක් බවයි.
එමෙන්ම එය ජාතික ආරක්ෂාව ගැන සිදුකරනු ලැබූ එක්සයිස් එකක් (මෙහෙයුමක්) වැරදියට වටහා ගත් නිලධාරියකු විසින් සිදු කරන ලද්දක් බවද මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.
සරත් වීරසේකර මහතා පෙන්වා දෙන්නේ තර්ජන එල්ල විය හැකි ස්ථාන හදුනාගෙන වරින් වර ගොස් එහි ආරක්ෂාව ස්ථාපිත කිරීම ජාතික ආරක්ෂාවේ කොටසක් බවයි.
නාවුක හමුදාපතිවරයා විසින් එම නිලධාරියා කැඳවා අවවාද කර එම සිද්ධිය අවසන් කළ බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කිරීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
රිලව් චීනයට යවන්නේ ඇයි?
ඉන්ධන කෝටාව ගැන අලුත්ම තීරණයක්
අද කාළගුණ අනාවැකිය