Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොළඹ වාරයේ බටහිර පර්යන්තයේ තීරණාත්මක බලය සහ හිමිකම ඉන්දියාවට නිල වශයෙන්ම පවරයි

අදානි සමාගම ජෝන් කීල්ස් සමගම සමඟ එක්ව 85% කොටස් අයිතිය ලබා ගනී – 51%ක් කොටස් අදානි සමාගම සතු වෙයි – වරාය අධිකාරියට ඉතිරි 15%ක් පමණයි

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51% එකක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට අදාළ ගිවිසුමට අද (30) පෙරවරුවේ කොළඹදී අත්සන් කර තිබෙනවා.

වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිවරයාත්, අදානි සමාගම වෙනුවෙන් එහි නියෝජිතයෙකුත් ගිවිසුමට අත්සන් කළ බව වරාය හා නාවුක අමාත්‍යාංශ ආරංචි මාර්ග මේ වන විට තහවුරු කර තිබෙනවා.

මේ අනුව සමාගමේ අනෙක් හවුල්කාර පාර්ශ්වය වන ජෝන් කීල්ස් සමාගම ද මේ සමගම බටහිර පර්යන්තයට අදාළ ගිවිසුමට අත්සන් කර තිබෙන්නේ බටහිර පර්යන්තයේ කොටස් වලින් 34% අයිතිය තමා සතු කරගනිමින්.

ඒ අනුව කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51%ක කොටස් ඉන්දියාවේ අදානි සමාගමටත්, සියයට 34%ක් ජෝන් කිල්ස් සමාගමටත්, සියයට 15%ක් වරාය අධිකාරියටත් හිමිව තිබෙනවා.