Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පරිසරයට හානි කරන දේශපාලඥයින්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙනවා – අමාත්‍ය මහින්ද අමරවීර

පරිසරයට හානි කරන දේශපාලඥයින්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා(07) අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමාජ මාධ්‍යයන්ගේ ප්‍රකාශ වන පරිදි පරිසර විනාශයක් සිදු නොවන බවත් එසේ නම් ඒ සඳහා රජය වහා මැදිහත් වන බවත් අමාත්‍යවරයා කිය. අද දින එම අමාත්‍යංශයේ වැය ශිර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සංවර්ධනය සහ පරිසරය යන දෙකම එක හා සමානව වැදගත් වන බවත් පරිසරය ආරක්ෂා කර ගන්නා අතරම සංවර්ධනය කරා ගමන් කරන බවත් අමාත්‍යවරයා පැවසිය.

වැලි සහ ගල් ප්‍රවාහනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී බොහෝ දෙනා විමසූ බවත් ඒ වෙනුවෙන් කාර්ය සාධන බලකායක් පත් කර ඇති බවත් පරිසරයට හානි නොවන පරිදි ඒවා සපයා ගැනීම සම්බන්ධයෙන් සැළැස්මක් සකස් කර ඇතැයිද අමාත්‍යවරයා කීය.


ගංගාවක ඔිනෑම තැනකින් සුපිරිසිදු දිය දෝතක් ගෙන බීමට හැකි වන සේ ගංගා පිරිසිදු කරන බවත් ඒ සඳහා සුරකිමු ගංගා නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත් පැවසූ අමාත්‍යවරයා මෙරට ඇති ගංගා 153ම පටන් ගත් තැන සිට අවසන් වන තුරු පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන බවයි . දිනකට එක් පුද්ගලයෙකුට හුස්ම ගැනීම සඳහා ඔක්සිජන් ලීටර් 550ක් පමණ අවශ්‍ය වේ.

ප්‍රවාහන පද්ධතිය නිසා කොළඹ නගරයේ වායු දුෂණය 60%ක් ඇති වී තිබේ. ඒ සඳහාද දුම්රිය මාර්ග වැඩිිදියුණු කර ජනතාව ඒ කෙරෙහි යොමු කරවීම පිළිබඳවද ඉදිරියේදී අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. නාගරික වනගහණයක් පිහිටුවීම සහ හරිත නගර පිහිටුවීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇත. ජනතාව ගැවසෙන සෑම නගරයකම කැලෑවක් හදා ගන්න රජය අවධානය යොමු කරනවා.

භූ කම්පන මගින් මෙරටට අනතුරක් සිදු වේද යන්න පිළිබඳව නිරන්තර අවධානයෙන් පසු වන බවත් , ඉතා පුළුල්ව මේ පිීළිබඳව අධ්‍යනය කරන බවත් හුණු ගල් කැඩීම මීට හේතු වූයේද යන්න පිළිබඳව සොයා බලන බවත් අමාත්‍යවරයා කීය.

සෞභාග්‍යයේ දැක්ම අනුව මෙරට නිෂ්පාදනය කළ හැකි කිසිදු ආහාරයක් ආනයනය නොකර මෙරටදීම නිෂ්පාදනය කර ගැනීම රජයේ බලාපොරොත්තුවයි ඒ සඳහා විශාල ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය වුවත් කැලෑ ඉඩම්, හෝ වැසි වනාන්තර එළි කර මෙම අරමුණ ඉටු කර ගැනීමට රජය කිසිසේත් බලාපොරොත්තු නොවේ. වසර ගණනාවක් වගා නොකළ සහ මුඩු ඉඩම් වගා කර මෙම ඉලක්ක සම්පූර්ණ කර ගන්නා බවත් පිරිසිදු ලංකාවක් ගොඩනැගීම සඳහා පරිසර සහ වනජීවී අමාත්‍යංශයට පක්ෂ විපක්ෂ සියළු දෙනාගෙන්ම ලැබුණු අදහස් පිළිබඳව අවධානය යොමු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

About The Author