Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විජය නිවුස් පේපර්ස් ආයතනයේ කොරෝනා ආසාදිතයන් 33 ක් !

කොළඹ 02 , හුණුපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති විජය නිවුස් පේපර්ස් ආයතනයේ ( ලංකාදීප ) සේවකයින් 33 දෙනෙකුට මේ වන විට කොරෝනා අසාදනය වී තිබෙනවා.

කොරෝනා ව්‍යාප්තිය වැළක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ වාර්තා මේ බව තහවුරු කරන අතර මීට පෙර මව්බිම, හිරු ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයකින් ද කොරෝනා රෝගීන් වාර්තා වී ඇති බව ද සදහන්.

වාර්තා වන ආකාරයට විජය නිවුස් පෙපෙර්ස් ආයතනයේ කොරෝනා ආසාදිතයින් වැඩි දෙනෙක් එහි ප්‍රවාහණ අංශයට අයත් රියදුරු මහත්වරුන් බවයි හෙළිව අත්තේ.

කොරෝනා ආසාදිතයින් හමුවීම හේතුවෙන් මාධ්‍ය ආයතන ගණනාවක් මේ වන විට විශේෂ වැඩමුර ක්‍රමයන් යටතේ පවත්වාගෙන අතර පුවත්පත් ආයතන රැසක මාධ්‍යවේදීන් ස්ථානීය වාර්තාකරණයන්ගෙන් ඈත්වී කටයුතු කරන බවද වාර්තවනවා.

එමෙන්ම පුවත්පත් ආයතන විසින් පුවත්පත් මුද්‍රණය සහ බෙදාහැරීමේ කටයුතු පිලිබඳ විශේෂ අවධානයක් යොමුකර ඇති අතර සමස්ථ ක්‍රියාවලිය විෂබීජ හරණය කරමින් සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණික කටයුතු සිදු කිරීම සදහා ප්‍රමුඛතාව ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු ආවරණය සදහා ද මාධ්‍යවේදීන්ට පර්ලිමීන්තු පරිශ්‍රයට යාමට අවසර ලබා දී නොමැති අතර ඒ වෙනුවට පාර්ලිමේන්තු සජීවී විකාශයට නිවෙස් වල සිට සම්බන්ධ වෙමින් අදාල තොරතුරු වාර්තා කිරීමට ඔවුන් ට සිදුව තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ කටයුතු වාර්තා කළ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වීමෙන් හේතුවෙන්.