Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පක්ෂය භාර ගන්න. රුවන් විජයවර්ධනට ත්‍රෛනිකායික මහාසංඟරත්නයේ ආශිර්වාදය

එජාපයට සියලු ජාතීන් සමග වැඩ කළ හැකි සිංහල බෞද්ධ නායකත්වයක් අවශ්‍ය බව මහාසංඟරත්නය පෙන්වා දෙනවා.

එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලය මුළුල්ලේ රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට සිංහල බෞද්ධ නායකත්වයක අඩුව
තදින් බලපෑ බවයි උන්වහන්සේලා⁣ගේ අදහසයි.

මේ තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂයෙන් මහා සංඝරත්නය ඈත්වීම සිදු වූ බවත් පෙන්වා දෙන උන්වහන්සේලා රටම පිළිගත් උගත් බෞද්ධ නායකත්වයකට එජාපයේ අනාගත ඉරණම බාරදිය යුතු බව පවසා තිබෙනවා.

ඒ අතර ප්‍රමුඛ යෝජනාව වී ඇත්තේ⁣ මෙරට බෞද්ධ පුනරුදය වෙනුවෙන් දෑ හිතකාමී මෙහෙවරක් ඉටු කළ පරම්පරාවකට උරුමකම් ඇති රුවන් විජයවර්ධන මහතායි.
ඔහු කැළණිය විහාරය නැවත ප්‍රතිසංස්කරණය කොට දැයට දායාද කළ හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ මුණුපුරෙක්.එමෙන්ම මෙරට ට නිදහස දිනා දුන් එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ ඩී.එස් සේනානායක මහතා රුවන් විජයවර්ධන මහතාගේ මවු පස මුත්තනුවන් වනවා.නිදහස් අරගලය වෙනුවෙන් පන්හිඳ අරගලයට පණ පෙවූ මෙරට පුවත්පත් මහගෙදර (ලේක්හවුස්) ආයතනය නිර්මාණය කළ ඩී.ආර් විජයවර්ධන මහතා රුවන් විජයවර්ධන මහතාගේ සීයා යි.
ලංකාදීප මාධ්‍ය ජාලයේ සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ බාල පුතණුවන් වන රුවන් විජයවර්ධන මහතා දේශපාලන විද්‍යාව සහ ජනමාධ්‍යවේදය පිළිබඳ මහා බ්‍රිතාන්‍යයේ ස⁣සෙක්ස් සරසවියේ උපාධිධාරියෙක්.

ජාත්‍යන්තර වශයෙන් රාජතාන්ත්‍රික මට්ටමේ විශාල පිළිගැනීමක් ඇති විජයවර්ධන මහතා මෙරට සිංහල බෞද්ධ සමාජයේ මෙන්ම සියලුම ජනවර්ග අතර පිළිගැනීමක් ඇති නායකයෙක් බව සඳහන්. ඔහු ස්වාධීන අදහස් දරන්නෙකු ලෙස පාක්ෂිකයන් අතර පිළිගැනීමක් ඇති අතර පක්ෂයේ පුළුල් ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බව දක්වමින් ඔහුගේ ප්‍රධානත්වයෙන් 2017 වසරේදී ඉදිරිපත් කළ රුවන් විජයවර්ධන කමිටු වාර්තාව හරහා සජිත් ප්‍රේමදාස මහතාට එජාපයේ නායකත්ව වගකීම් පැවරිය යුතු බව දක්වා තිබීම විශේෂත්වයක්.ඔහුට මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයට අමතරව සමඟි ජනබලවේගය නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරුන්ගේ සහ නියෝජිතයන්ගේ සහයද හිමි වී තිබීම විශේෂත්වයක්.

ඒ මහතා අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ වගකීම භාරගත යුතු බව ත්‍රෛනිකායික මහා සංඝරත්නයද සඳහන් කරනවා.අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී අති පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් සඳහන් කළේ අනිවාර්යයෙන් රුවන් විජයවර්ධන මහතාට පක්ෂයේ වගකීම දරමින් රටට නායකත්වය ලබා දීමේ ගමනේදී අස්ගිරි පාර්ශවයේ ආශිර්වාදය නිබඳව හිමිවන බවයි.

මල්වතු පාර්ශවයේ අනු නායක අති පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම මහනාහිමියන්ද රුවන් විජයවර්ධන මහතාට ආශිර්වාද එක්කර තිබෙනවා.

About The Author