Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නිසි විදේශ ප්‍රතිපත්තියක් නොමැති ආණ්ඩුව රට විශාල අර්බුදයකට ගෙන යනවා – රුවන් විජයවර්ධන

වත්මන් රජයට නිශ්චිත විදේශ ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් රට විශාල අර්බුදයකට මුහුණපා ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ රජය ඉන්දියාව සමඟ ඇති කරගත් එකඟතා වරින් වර වෙනස් කිරීම ද මේ වන විට බරපතල තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පක්ෂය අතර පැවති සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් පල කළ විජයවර්ධන මහතා තවමත් එක් ගමනක්ව යාම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැති බවද සඳහන් කළා.

එජාපයේම පිරිසක් කඩාගෙන ගොස් සමගි ජනබලවේගය ගොඩනැගීම නිසා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කිරීමට එකඟ නොවන පිරිසක් තම පක්ෂයේ සිටින බවද ඔහු මෙහිදී හෙළිකළා.

ඉන්දියාවේ ප්‍රාන්තයක දේශපාලනඥයෙකු බී.ජේ.පී. පක්ෂය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ විජයවර්ධන මහතා , රජය ඉන්දියානු මහ මහ කොමාසාරිස්වරයා සමග සාකච්ඡා කර අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරගැනීම වැදගත් බවද අවධාරණය කකළා.

රටේ සෞඛ්‍ය තත්වය පිළිබඳවද කතා කළ නියෝජ්‍යනායක රුවන් විජයවර්ධන මහතා සෞඛ්‍ය ඇමැතිවරියට කොවිඩ් ආසාදනය වී දින 19 කට පසු වැඩබලන සෞඛ්‍ය ඇමැතිවරයෙකු පත් කළ බවත් සෞඛ්‍ය ඇමැතිවරයෙකු නොමැතිව ගෙවුණු කාලය තුළ කොවිඩ් මරණ 94 ක් පමණ සිදුව තිබෙන බවත් හෙළිකලේ සිදු වූ මරණවලට වගකියන්නේ කවුද යන ප්‍රශ්නය ද මතු කරමින්.

මුලාව පරදමු – එක වී නැගිටිමු යන තේමාව යටතේ පැවැත්මෙවෙන එක්මසත් ජාතික පක්ෂ දිස්ත්‍රික් ප්‍රවර්ධන වැඩසටන සඳහා මහනුවර දිස්ත්‍රික්කයට පැමිණි අවස්ථාවේ මාධ්‍යට අදහස් පලකරමින් ඔහු මේ බව සදහන් කළා.

මේ අවස්ථාවට එජාප මහ ලේකම් පාලිත රංග බණ්ඩාර, හිටපු අමත්‍ය ආනන්ද කුලරත්න ,මහනුවර පුරපති කේසර සේනානායක, මහනුවර එජාප කණ්ඩායම් නායිකා ශාන්තිනී කෝන්ගහගේ යන මහත්ම මහත්මීන්ද සහභාගී වුණා.

About The Author