Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා කතන්දර මැද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නිවසේ උපන්දින සාදයක්??

කොරෝනා සම්බන්ධයෙන් රට තුල පැවැත්වෙන වාතාවරණය මධ්‍යයේ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවසේ ඊයේ රාත්‍රීයේ උපන්දින සාදයක් පවත්වා ඇතැයි පවසමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඡායාරූප කිහිපයක් සංසරණය වනවා.

එයට සහභාගී වූ පුද්ගලයෙකු විසින් අදාල ඡායාරූප සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර ඇති බවයි පැවසෙන්නේ.

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පුතණුවන්ගේ උපන්දින සාදය මෙලෙස පවත්වා ඇති අතර එයට ඔහු ගේ සමීපතම හිතවතුන්ට ආරාධනා කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඡායාරූප හුවමාරු කරන ඇතැමුන් චෝදනා කරන්නේ ජනතාව ඒකරාශී වන ස්ථානයක මුව ආවරණ භාවිත කිරීම අනිවාර්ය කර ඇති අතර එසේ නොකරන පුද්ගලයන්ට රුපියල් දස දහසක දඩයක්ද නියම කිරීමට මෙන්ම සාද සහ උත්සව පැවැත්වීම සම්බන්ධයෙන්ද සීමා පනවා ඇති මොහොතක මෙම උපන්දින සැමරුම නීති විරෝධී බවයි.එමෙන්ම රැස්ව සිටින්නන් අතර අදාළ පරතරයන් නොමැති බවටද ඔවුන්ගේ චෝදනාව වී තිබෙනවා.

කෙසේ වුවද දේශබන්දු තෙන්නකෝන් මහතා කොරෝනා මර්ධනය සදහා විශාල කැප වීමක් සිදු කරමින් සිටින නිලධාරියෙකු වන අතර මෙවැනි සිදුවීම් මෙන්ම ,වගකීම් විරහිත ලෙස ඡායරූප අන්තර්ජාලයට දැමු මිතුරන් ද ඔහුගේ කීර්ති නාමයට කැළලක් එක් කරන බව නම් නොවනුමානයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූප පහළින්…

About The Author