මේ වන විට පාර්ලිමේන්තුව තුළ කොරෝනා අසාදනය වී ඇති සහ නිරෝධායනයට ලක් කෙරෙන මැති ඇමතිවරුන් පිළිබඳ නිවැරදි තොරතුරු ජනතාවගෙන් වසන් කරන බව පෙනෙන්නට තිබෙනවා.
මුල් අවස්ථාවේදී දයාසිරි ජයසේකර අමත්‍යවරයා මෙන්ම රවුෆ් හකීම් මන්ත්‍රීවරයා තම සමාජ ජාල ගිණුම් හරහා ඔවුන්ට රෝගය අසාදනය වී ඇති බව පැවසීමට නිහතමානී වීම අගය කල යුතු කරුණක්.
නමුත් මේ වන විට වාර්තා ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගෙන නිරෝධායනයට ලක් කෙරෙන මැති ඇමතිවරුන්ගේ තොරතුරු මාධ්‍යයට සහ ජනතාවට වසන් කිරීමේ තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
මේ වන විට මැති ඇමතිවරුන් 30කට වැඩ වැඩි පිරිසක් සහ පාර්ලිමේන්තු සේවකයින් රැසක්ද නිරෝධායනයට ලක් කර ඇති බව වාර්තා වුවද ඔවුන්ගේ අනන්‍යතාවයන් මෙතෙක් හෙළි කර නැහැ.
සාමාන්‍ය ජනතාවට කොරෝනා ආසාදනය වුවහොත් හෝ ආශ්‍රිතයන් බවට පත්ව තිබුණහොත් ඔවුන්ගේ නම් ගම් හෙළි කරමින් ජනතවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරීන් පාර්ලිමේන්තු පොකුරේ නිවරැදි තොරතුරු ජනතවගෙන් වසන් කරන්නේ නම් එය බරපතල අවදානම් සහගත තත්වයක්.
ඊට හේතුව වන්නේ මහජන නියෝජිතයින් යනු නිතරම සාමාන්‍ය ජනතාව සමග ගණුදෙනු කරන පිරිසක් වීමයි. ඔවුන් බොහෝ දෙනෙකු දිවයින පුරා සංචාරය කරන අතර තම ආධාරකරුවන් නිලධාරීන් සමග සමීපව කටයුතු කරනවා.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි