Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රන්ජන් රාමනායක බරපතල වැඩ සහිතව වසර 4ක් සිරගත කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර 4 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ඒ ජනමාධ්‍ය හරහා මෙරට අධිකරණ පද්ධතියේ බොහෝ විනිසුරුවරුන් දුෂිතයින් බව පවසමින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයට අදාළවයි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පැවති නඩු විභාගය අවසන් කරමින් මන්ත්‍රී රංජන් රාමනායක මහතා වරදකරුවකු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් තීරණය කළ අතර ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 04 සිර දඬුවමක් නියම කරනු ලැබ තිබෙනවා.