තමා මේ වනවිට සිය නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.
ඔහුගේ නිවසේ පසුගියදා පැවති ප්‍රිය සම්භාෂණයකට සහභාගී වු වෛද්‍යවරයෙකු කොවිඩ් -19 වෛරස ආසාදිතයෙකු ලෙස තහවුරුවීමත් සමග පාදෙණිය මහතා එම ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගැණුනි.
ඒ අනුව අදාළ නිරෝධායන කටයුතු සඳහා ඊයේ (13) රාත්‍රීයේ ගිය අවස්සථාවේදී නිවසේ ගේට්හටු වසා විදුලිපහන් නිවා දැමු බව වාර්තා වූ අතර අද (14) පෙරවරුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසට ගොස් තිබුණත් එම අවස්ථාවේදී කිසිවෙකු නිවසේ රැඳී සිට නැති බවයි පැවසෙන්නේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා දෙරණ ප්‍රවෘත්ති අංශය සමග සම්බන්ධ වෙමින්,
“PHI මහත්තයා එන වෙලාවේ මම කොළඹින් පිට තමයි හිටියේ. අපේ ගෙදර වැඩකරන කෙනා මාස 6කින්වත් ගෙදර ගිහින් තිබුණේ නෑ. එයාව බස් රථයකින් ගෙදර යවපුවාම රෝගය පැතිරීමට ඉඩකඩ තිබෙන නිසා මම මගේ වාහනයෙන් රත්නපුරට ගිහින් දාලා ආවා. ඒ අතරතුර තමයි මේ කියන PHI මහත්තයා ඇවිල්ලා තියෙන්නේ. දැන් මම ගෙදර ඇවිල්ලා ඉන්නේ. මම ගියේ මගෙ වාහනයෙන්මයි. මග රැඳීසිටීමක් සිදුකරලා නෑ. හෙට උදේ මගේ PCR පරීක්ෂණයක් කරනවා කිව්වා. එතෙක් මම ගෙදර ස්වයං නිරෝධායනය වෙලා ඉන්නවා,” යනුවෙන් පවසා තිබෙනවා.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි