හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාව සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරිම සඳහා අද සවස සිට ගුවන් හමුදාවේ සහය ඇතිව ඩ්‍රෝන යානා උපයෝගී කර ගනිමින් විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාව තමන්ගේ නිවෙස් තුළ රැඳී නොසිටිමින් අපරික්ෂාකාරී ලෙස සංචරණයේ යෙදෙන බවට තොරතුරු ලැබී ඇති බවත් එම තත්වය පාලනය සදහා මෙම මෙහෙයුම් දියත් කර ඇති බවත් සදහන් කළා.
මෙලෙස සංචරණ කටයුතු සිදුකරන පුද්ගලයින් ගැන ඩ්‍රෝන යානා මගින් ලබා ගන්නා තොරතුරු මත විශේෂ ආරක්ෂක කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අගුලු දමා ඇති ප්‍රදේශ ඩ්‍රෝන කැමරාවලින් නිරීක්ෂණය කිරීමෙන් පසු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෝදර ප්‍රදේශයේ පුද්ගලයන් 15 දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මෙම මෙහෙයුම් සදහා සක්‍රීය දායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම මෙහෙයුම සදහා ඩ්‍රෝන යානා වලට අමතරව බෙල් – 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්ද එක්කර ඇති බව නිවේදනය කරනවා.

අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි