ජාතික නිදහස් දිනය සැමරෙන අද දිනයේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව ඉදිරිපිටදී සිංහලේ ජාතික කොඩිය යැයි පවසා කොඩියක් එසවීමට ගිය හිමිනමක් හේතුවෙන් අද උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.
මෙලෙස කොඩිය එසවීමට පැමිණ ඇත්තේ රඹුක්කන ගලදෙණිකඩ පුරාණ රජමහා විහාරාධිපති පුජ්‍ය මැදිරිගිරියේ සුඛී නම් හිමිනමක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එහිදී පොලිසිය පැමිණ ඊට එරෙහිව ලබාගත් අධිකරණ නියෝගය එම හිමිනම වෙත ඉදිරිපත් කර ඇති අතර අනතුරුව එම කොඩිය දළඳා සමිදුන් වෙත පූජා කිරීමට අවස්ථාව සලසාදී තිබෙනවා.
දේශීය ඖෂධ සම්බන්ධයෙන්ද අදාළ හිමිනම දළදා වහන්සේ ඉදිරිපිට සිට කතා කරන අතර උන්වහන්සේ පැමිණි අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වුයේ ඉහළින් පැමිණි නියෝගයක් නිසා බවද සදහන් කරනවා.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි