Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නයිජීරියානුවන්ගේ මිනී මැරීම.

BORNO, NIGERIA - MARCH 29: Nigerian soldiers capture a terrorist after an operation against Boko Haram terrorists at a terrorist camp in Borno, Nigeria on March 29, 2016. (Photo by Stringer/Anadolu Agency/Getty Images)

කැරලිකාර මෙහෙයුම්වල දී සිවිල් වැසියන් දුසිම් ගනණක් ඝාතණය කළ බවට නයිජීරියානු ජාතික මානව හිමිකම් කොමිසම එරට හමුදාවට චෝදනා කර තිබේ. ජිහාඩ් මූලධර්මවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොදුරු වූ ප්‍රදේශයක් වන රටේ වයඹ දෙසින් පිහිටා තිබෙන “තිලබෙරි” ප්‍රදේශයේ සමූහ මිනී වළවල් හයකින් පමණ මේ වන විට මළ සිරුරු 70කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබෙන බව එහි සඳහන් ය. සියල්ල සිදු කර තිබෙන්නේ වැඩි ඈතක දී නොව මෙම වසරේ මුල් භාගයේ දී ය.

එක් පරීක්ෂකයෙකු පැවසුවේ පෙනී යන අන්දමට එම සිවිල් වැසියන් බ්ලේඩ් සහ එවැනි වෙනත් කුඩා ආයුධවලින් මරා දමා ඇති බවයි. “සහෙල්” කලාපයේ ජිහාඩ්වාදීන්ට සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහි උද්ඝෝෂණවල දී නයිජර්, මාලි සහ බුර්කිනා ෆාසෝ යන හමුදා භට පිරිස් නීති විරෝධී අන්දමින් මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙන බවට ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් කණ්ඩායම් ද චෝදනා කරති.

නයිජීරියානු මානව හිමිකම් පිළිබඳ ජාතික කොමිසම චෝදනා කරන්නේ මෙම වසරේ දී දියත් කරන ලද හමුදා මෙහෙයුමකින් පසු මාර්තු 27 සිට අප්‍රේල් 2 දක්වා කාලය ඇතුළත දී අදාළ ගැටලු සහගත කලාපය තුළ පමණක් සිවිල් වැසියන් එකසිය දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව යි. “නිරායුධ සිවිල් වැසියන් ඝාතණය කර ඇති අතර අපගේ මෙහෙයුම් හරහා මිනී වළවල් හයක අවම වශයෙන් මළ සිරුරු 71ක් සොයාගෙන තිබේ. මෙම නීති විරෝධී මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුත්තේ ආරක්ෂක හමුදාව (එෆ්.ඩී.එස්) ය.”

යනුවෙන් විමර්ශනයට සහභාගී වූ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය සඳහා වූ පෑන් – අප්‍රිකානු ජාලයේ සභාපති “අබ්දුල්ලායි සේදූ” පැවසීය.

හමුදාවේ ඉහළ පෙළේ අය මෙන් ම රජයත් ඊට වගකිව යුතු ද? යන සැකය ද ඔවුනට තිබුණත් එය තීරණය කිරීමට තවමත් නොහැකි බව ඒ මහතා ප්‍රකාශ කළේ ය. නයිජර් බලධාරීන්ගෙන් මෙම ප්‍රකාශය පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත.

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author