සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා බියකින් තොරව තොරව මාළු මිලදී ගෙන පරිභෝජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ ඔහු මේ බව කියා සිටියේ අමුවෙන් මාළු ආහාරයට ගනිමින්.
ඔහු තංගල්ල ධීවර වරායෙන් ඊයේ දිනයේ මිලට ගත් බව පැවසු මාළු කූරියෙකුගේ කොටසක් අමුවෙන්ව ආහාරයට ගෙන පෙන්වනු ලැබුවා.
හිටපු ධීවර රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ධීවර ප්‍රජාව වෙනුවෙන් මහජනයාට කළ හැකි ලොකුම අනුග්‍රහය වන්නේ මාළු මිලදී ගැනීම බවයි.
කොරෝනා වෛරසය පැතිර යාමේ ප්‍රතිඵලයක් ලෙස ධීවර ප්‍රජාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව ප්‍රකාශ කළ දිලිප් වෙදආරච්චි මහතා මළු අනුභවයට ගත විට කොරෝනා නොවැලදෙන බව අතීතයේ පටන් වෙද ආරච්චිලා ලෙස තම මුතුන් මිත්තන් විසින් පවසා ඇති බවද සදහන් කළා.
මේ සම්බන්ධයෙන් මහජනයාට උපදෙස් දීම රජයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ යුතුකම බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
අදාළ වීඩියෝව පහළින්..
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක